මෙම වසර තුළදී යුධ හමුදාව 135,000 දක්වා අඩු කෙරේ.

Published in පුවත්
Wednesday, 14 February 2024 10:04

ශ්‍රී ලංකාව මේ වසර අවසන් වන විට දැනට සිටින ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 135,000 දක්වා අඩු කිරීමට කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිටි 200,783 ක පමණ සංඛ්‍යාව මේ වන විටත් 150,000 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇති බව ද වාර්තා වේ.

පසුගිය වසරේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සිය මූල්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ රජයේ ප්‍රයත්නයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව මේ වසර වන විට 135,000 දක්වාත් 2030 වන විට 100,000 දක්වාත් තුනෙන් එකකින් කපා හරින බවය. 2030 වන විට “තාක්ෂණිකව හා උපායශීලීව හොඳ සහ සමබර” ආරක්ෂක බලකායක් නිර්මාණය කිරීම මෙම පියවරේ අරමුණ බව ඔහු පැවසීය.

මීට අමතරව, 2030 වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 35,000 බැගින් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාව සාමාන්‍ය බඳවා ගැනීම් නවතා ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව අත්‍යාවශ්‍ය ඒකක සඳහා පමණක් බඳවා ගැනීම් සිදුකරන බව ආරංචි මාර්ග සඳහන් කළේය. මෙමගින් මාස කිහිපයක් ඇතුළත හමුදා සාමාජිකයින් 35,000 ක් පමණ අඩු කිරීමට හේතු වී තිබේ.

මේ අතර, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පවසන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 35,000ක් පමණ සිටි අතර එය මේ වන විට 27,000ක් පමණ දක්වා පහත වැටී ඇති බවත් ව්‍යාපෘති කිහිපයක් සඳහා පුද්ගලයන් 2,000ක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස බඳවාගත් පිරිසද මීට ඇතුළත් බවය. ගුවන් හමුදා සේවාවන් පවත්වා ගැනීම සඳහා බඳවා ගැනීම් අවශ්‍ය වූ විට, එම බඳවා ගැනීම් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ අනුමැතිය යටතේ සිදු කරන බවත් පවසයි.

මේ අතර, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසිංහ පවසසන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්මන් සාමාජික ප්‍රමාණය 40,000ක් පමණ වන බවය.

කෙසේ වෙතත්, 2030 වන විට ශ්‍රී ලංකා හමුදාව අඩු කිරීමට සාකච්ඡා සහ සැලසුම් ක්‍රියාත්මක වන හෙයින්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් නිත්‍ය රාජකාරිවල කාර්යබහුල බැවින් වෙනත් රජයේ හදිසි කාර්යයේ යෙදවීම අපහසු‌ ‌වෙනු ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකාව සෞඛ්‍ය, විදුලිය, වරාය ආදී ක්ෂේත්‍ර වල වැඩ වර්ජනයක් පැවති සෑම අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව යොදවා ඇත්තේ වර්ජනයක් පැවතියද එම අංශ රට තුළ සුමටව ක්‍රියාත්මක වන බවට සහතික වීමටය.

සෞඛ්‍ය සේවකයින් ඊයේ උදෑසන නැවත වැඩවර්ජනයක් ආරම්භ කිරීමෙන් පසු සේවා පවත්වාගෙන යාම සඳහා වෛද්‍ය බලධාරීන්ට සහාය වීම සඳහා රජයේ රෝහල්වල සොල්දාදුවන් 1,000කට වැඩි පිරිසක් යොදවා තිබිණි.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us