කොළඹ කිඹුලන් වැඩිවේ..පරිස්සමෙන්

Published in පුවත්
Wednesday, 14 February 2024 10:18

කොළඹ නගරයේ ගංගා, වැව්, ඇළ මාර්ග ආශ්‍රිතව කිඹුලන් ගැවසීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒවා භාවිත කිරීමේදී සහ අසළ ගැවසීමේදී අවධානයෙන් පසුවන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ බොල්ගොඩ ගඟ කිඹුලන්ගේ වාසභූමියක් වන බවත් කොළඹ ගංගා, වැව්, ඇළ දොළ ආශ්‍රිතව කිඹුලන් විශාල ප්‍රමාණයක් ජීවත් විය හැකි බවත්ය. එමෙන්ම දියවන්නාව, කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශ ද කාලයක සිට කිඹුලන්ගේ වාසභූමි බවට පත්ව ඇති බවය.

එබැවින් මෙම ඇළ දොළ දිගේ ගමන් කිරීමේදී දැඩි අවධානයෙන් සහ විමසිලිමත් වන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කිඹුලන් වාසස්ථානවලින් ඉවත් කිරීමට කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් යොදාගෙන නැති බවත්. ඔවුන් ඉවත් කළත් ඔවුන් නැවත එම වාසස්ථානයටම පැමිණීම සිදුවන බවත් පෙන්වා දෙන වනජීවී දෙපාර්තමේන්තුව කිඹුලන් වාසස්ථානවලින් ඉවත් කිරීම ද නිවැරදි ක්‍රියාවක් නොවන බව පවසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us