විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අද

Published in පුවත්
Thursday, 15 February 2024 08:41

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්, මහජන අදහස් වාචිකව ලබා ගැනීම අද (15) කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදී සිදු කෙරේ.

පුද්ගලයින් 30 දෙනෙකු පමණ වාචික අදහස් ලබා දීමට ලියාපදිංචිවී තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සේවක සංගමය සඳහන් කරන්නේ වර්තමාන විදුලි ගාස්තු සියයට 20 ත් 25 ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමිය හැකි බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය හා ලංකා විදුලි බල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන මත පදනම්ව කළ විශ්ලේෂණයකට අනුව ඔවුන් ඒ බව සඳහන් කළේ ය.

මේ අතර මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ ලබන මාර්තු මාසයට පෙර, විදුලිය ගාස්තු
සංශෝධනයට පියවර ගන්නා බවයි.

පසුගිය වර්ෂයේ විදුලි බල මණ්ඩලය උපයා ගත් ලාභය සහ එම වර්ෂය අවසන් වන විට පැවති යහපත් ජල විදුලිය ධාරිතාව සැලකිල්ලට ගනිමින්, විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කරන්නැයි, මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

ජනවාරි 16 වැනිදා සියයට 3.34 විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන්නේ ඒ අනුවයි.

එම යෝජනාවේ ඇතුලත් කරුණු සම්බන්ධයෙන් විධිමත් නිරීක්ෂණයක් කල, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, පසුගිය 23 වැනිදා ඊට අදාළ ලේඛනයක් ද ඉදිරිපත් කර තිබිණි.

කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව 2024 වර්ෂය සඳහා මෙගාවොට් සීයක විදුලිය මිලදී ගැනීමක් යෝජනාවට ඇතුලත් කර ඇති බවත්, ජනන බලපත්‍ර නොමැති විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති බවත් එහි සඳහන් වේ.

 -P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us