ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැඟීමට ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ඇරඹේ

Published in පුවත්
Wednesday, 14 February 2024 16:20

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නැංවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පසුගියදා සිදු කළ  ඉන්දීය නිල සංචාරයේදී දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයන් එකඟ වූ අතර විශේෂයෙන් දෙරටේ ජනතාව අතර (people-to-people) සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය.

මේ වන විට ඉන්දියාව සිවිල් සේවාවන්හි ධාරිතාව ගොඩනැංවීම උදෙසා දැවැන්ත වැඩසටහනක් දියත් කර තිබෙන අතර රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැංවීමේ ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් නව්‍යකරණයෙන් සහ කාර්යක්ෂමව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ  ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (National Center for Good Governance, India) අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  හමුවී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන ක්‍රමවේදය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය. 

එම  සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ගොස්  අදාළ ඉන්දීය ආයතන සමඟ තවදුරටත් සාකච්ඡා කොට සුදුසු ධාරිතා සංවර්ධන සහයෝගීතා වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්, අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුතුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්,  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්,  නීතිපති දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ  යන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 14 දෙනකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමකට ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයෙහි පෙබරවාරි 12 -17  දක්වා පැවැත්වෙන වැඩසටහනක් සඳහා එක්ව සිටී.  ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඉන්දියානු රජය විසින් සපයා දී ඇත.

ඒ අනුව  ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන 12ක් නියෝජනය වන පරිදි ප්‍රධාන වශයෙන් විද්‍යුත් ප්‍රසම්පාදනය (e-procurement) ඇතුළු රජයේ ප්‍රමුඛ සේවාවන් සඳහා ඩිජිටල්කරණ නිරාවරණය (Digitalization Exposure in Core-functions), අලුතින් බඳවාගන්නා රාජ්‍ය සේවකයන්ගේ ධාරිතා සංවර්ධනය, දුෂණ විරෝධී පියවර (Anti-Corruption Measures), ආයෝජන පහසුකම් සැලසීම සහ ආහාර ද්‍රව්‍යවල මධ්‍යම මිලකරණ යාන්ත්‍රණය (Central Pricing Mechanism of Foods) යන ක්ෂේත්‍රවල අදාළ ආයතනවල ධාරිතා සංවර්ධනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ මෙහිඳී අවධානය යොමු කෙරේ.

රාජ්‍ය සේවයේ ගුණාත්මක පරිවර්තනයක් සඳහා මෑතකදී ක්‍රියාත්මක කරන ලද මූලාරම්භයන් හරහා ඉන්දියාව විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය හා අදාළ ඉන්දීය රාජ්‍ය ආයතන විසින් ආර්ථිකය වර්ධනය අරභයා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තිමය, ආයතනික හා මෙහෙයුම් වැඩි දියුණු කිරීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙහිදී නියෝජිත පිරිස කටයුතු කරනු ඇත.

එමෙන්ම තිරසර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට පියවර ගන්නා අතරතුර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන රාජ්‍ය ආයතනවල ධාරිතාව ඉහළ නංවා ගැනීමත්, අදාළ ඉන්දීය ආයතන සමඟ ඇති කර ගත හැකි ආයතනික සහයෝගීතාවන් හඳුනා ගැනීමත් නියෝජිත කණ්ඩායමේ අපේක්ෂාව වේ.

ශ්‍රී ලංකා දූත පිරිස මෙම සාකච්ඡා සඳහා එක්වන  අතරතුර  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, පිරිස් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහජන දුක්ගැනවිලි අමාත්‍ය, විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙන්ම  අග්‍රාමාත්‍ය  ලේකම්, කැබිනට් ලේකම් ඇතුළු නිලධාරීන් සමඟද අදහස්  හුවමාරු කර ගැනීමට නියමිතය.       

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us