දැන් මම රට වටේ යන හොල්මනක් ! - සඳනි Featured

Published in කලා
Sunday, 11 February 2024 10:26

සඳනි ප්‍රනාන්දු එක්ක පොඩි කතාබහක්.

 

Q සඳනි.. ඔයා රඟපෑ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ '1970 Love Story' චිත්‍රපටය තිරගත වෙනවා. මේ කොයි කාලෙ කළ නිර්මාණයක්ද?

මට මතක හැටියට '1970 Love story' චිත්‍රපටය 2018 වසරෙදි විතර රූගත කිරීම් කළා. මෙය මම රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටයයි. ඉතින් මේ පිටපත ලැබෙද්දි මම සම්පූර්ණයෙන්ම ඒක කියෙව්වා. ඇත්තටම මට හොල්මනකගෙ චරිතයක් රඟපාන්න තිබුණා. ඒක වෙනස් චරිතයක් නිසා මම ඒ අභියෝගයට ආසා වුණා. කොහොමටත් ඒ චිත්‍රපටයේ මගේ කොටස දවස් හතරක් වගේ රූගත කිරීම් කළා. අපි දවස් කිහිපයක්ම පාදුක්කේ තිබුණු බංගලාවක නැවතිලා හිටියා. ඒක හරි ලස්සන වටපිටාවක් තිබුණු ලස්සන බංගලාවක්.

Q සඳනිට මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ, දිනෙත් ද සිල්වා වැනි ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පීන් එක්ක රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ලැබුණු අත්දැකීම් කොහොමද?

ඇත්තටම ඒ ගැන කියන්නම ඕනෑ. මගේ මුල්ම චිත්‍රපටය විදිහට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බොහොමයක් එක්ක රඟපාන්න ලැබීමත් මගේ වාසනාවක් කියලයි මට හිතෙන්නෙ. ඒකට මම අරුණ ජයවර්ධන අයියට ගොඩක් ස්තූති කරනවා. ඔහු මාව මේ නිර්මාණයට එකතු කර ගැනීමෙන් මට ඒ අපූරු අවස්ථාව ලැබුණා. ඒ ප්‍රවීණයන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ අනුව චිත්‍රපටයේ අධ්‍යක්ෂක, නිෂ්පාදක, රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාට මම ස්තූති කරනවා. ඇත්තටම මේක කණ්ඩායම් හැඟීමත් එක්ක කරපු නිර්මාණයක්. ලස්සන ආදර කතාවක්.

Q මේ දිනවල ඔබ දායක වුණු නිර්මාණ මොනවාද?

මේ දිනවල විකාශනය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන 'සල්ලි පොකුරු' ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ඒ නිර්මාණයටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනා ඒ නිර්මාණය බලනවා. ඊට අමතරව 'ආදරවන්තයන්ගේ දිනය' වෙනුවෙන් පෙබරවාරි එකොළොස්වැනිදා ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා. ඒ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. කොහොමත් මම ටිකක් තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වෙන කෙනෙක්.

sandani1

Q කලාකාරියක් වීම සඳනි පුංචි කාලේ දැකපු හීනයක්ද?

නැහැ. ඇත්තටම රංගන ශිල්පිනියක් වීම අහම්බෙන් වගේ ලැබුණු අවස්ථාවක්. ඉගෙනීම් කටයුතුවලට මුල්තැන දීලා ඉගෙන ගන්න මිසක් රංගන ශිල්පිනියක් වෙන අදහසක් තිබුණෙ නැහැ. නමුත් 2016 අවුරුද්දෙ රූපවාහිනී නාලිකාවක 'අවුරුදු කුමරි' ජයග්‍රහණයත් එක්ක ඒ හැමදෙයක්ම වෙනස් වුණා.

Q පුංචි කාලේ කවුරු වෙන්නද ආසා වුණේ?

ඇත්තටම පුංචි කාලේ මගේ හීනයක් තිබුණා. ඒ ගුවන් සේවිකාවක් වෙන්නයි. පුංචි කාලේ ඉඳන්ම මම හරියට ඇවිදින්න ආසා කළා. අදටත් ඒ ආසාව එහෙමමයි. මම එක තැනක ඉන්න ආසා කළේ නැහැ. මම විනෝද චාරිකා යන්න ආසා කළා. ඉතින් ගුවන් සේවිකාවකට කොහොමත් රටවල්වලට යන්න අවස්ථාව ලැබෙනවනෙ. ඒ නිසා මම ඒකට ආසා කළා. හැබැයි මගේ ඒ හීනයට අම්මලා ආසා කළේ නැහැ. ඒ නිසා මම ඒ හීනය පැත්තකට දාලා අනිත් වැඩ ටික කරගෙන ගියා. මම ඉගෙන ගත්තෙ මීගමුව දකුණ ජාත්‍යන්තර පාසලේ. (Negombo South International School) උසස් පෙළට මම වාණිජ අංශයෙන් ඉගෙන ගත්තා. ඒ අංශයෙන් රුකියාවක් කරන්න බලාපොරොත්තු වුණත් 2016 අවුරුද්දෙන් ඒ හැමදේම වෙනස් වුණා.

Q සඳනි ගුවන් සේවිකාවක් වෙනවට අකමැති වුණු ගෙදරින් සඳනි අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් වෙනවට අකමැත්තක් තිබුණෙ නැද්ද?

නැහැ. ඒකට අම්මගෙන් අකමැත්තක් තිබුණෙ නැහැ. අවුරුදු කුමරි තරගයට අයැදුම්පත දැම්මට පස්සෙ අම්මා මගේ ළඟින්ම හැමවෙලේම හිටියා. තරගයෙන් ජයග්‍රහණය කළාට පස්සෙ වෙළෙඳ දැන්වීම් කිහිපයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හැම ගමනකටම මගේ අම්මා අම්මා මාත් එක්ක ආවා. ඒ මුල් දවස්වල අම්මා මාත් එක්ක හැම ගමනකටම ආපු නිසා ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. මම ඒ දේවල්වලට හුරු වුණා. මම මුලින්ම රඟපෑවෙ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ 'හාරකෝටිය' ටෙලිනාට්‍යයෙයි. ඊට පෙර වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම කළා.

Q 'හාරකෝටිය' ටෙලිනාට්‍යයෙන් රංගනයට සම්බන්ධ වුණු ඔබව ප්‍රේක්ෂකයන් හඳුනා ගත්තට පස්සෙ ඒ ලැබුණු ප්‍රතිචාර ගැන මොකද හිතුණෙ?

මම 'හාරකෝටිය' ටෙලිනාට්‍යයේ 'රශ්මි' කියන ගැහැනු ළමයගේ චරිතය කළේ. රශ්මිට බොහෝ දෙනා ආදරය කළා. ඒ ආදරයත් එක්ක මම හරිම කැමැත්තෙන් ඒ චරිතය කළා. මඟතොටේදි දකිද්දි බොහෝ දෙනා කතා කළා. පින්තූර ගත්තා. අදටත් ලැබෙන ප්‍රතිචාරවලට මම හරිම කැමතියි. මම ලංකාව පුරා ඇවිදින්න යන්න හරි කැමතියි. පසුගියදා අපි නුවර දවස් හතරක් ගිහින් හිටියා. මාත් එක්ක කතා කරනවනම්, අඩුම තරමින් හිනා වෙනවනම් මම හරි කැමතියි. ලංකාවේ වුණත් ඇවිදින්න යද්දි එක දවසකින් ගෙදර එන්න මම කැමති නැහැ. දවස් තුන හතර ඒ ඒ ප්‍රදේශවල ලස්සන තැන්වල ඇවිදලා ඒ පැතිවලට ආවේණික කෑම කාලා ඒ සොබාදහම අත්විඳලා එන්න මම හරි කැමතියි.

images

Q දැන් ඔබ ආදරවන්තියක්?

ඔව්. මම ආදරය කරන්නෙ පියත්ට. අපි තාම විවාහවෙලා නැහැ. තාම අපි දෙන්නා විවාහයට දින කතා කරගෙන යනවා. සමහරවිට ලබන වසරේ අපි විවාහ වේවි. තාම ඒකත් හරියටම තීරණය කරලා නැහැ. මගේ කලා කටයුතුවලට පියත්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මට කිසිම නිර්මාණයකට එයා බාධාවක් කරන්නෙ නැහැ.

Q පියත්ගේ 'බඳිමු සුදා' කියන්නෙ සඳනිටද?

'බඳිමු සුදා' කියන්නෙ පියත්ගේ අලුත් ගීතයයි. ඒ ගීතයේ රූප රචනාවට මම සහභාගි වුණා. අද වෙද්දි දවස් කිහිපයක් ඇතුළත ගීතයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා.

- දේශය

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us