චීන වසන්ත උත්සව සංස්කෘතික මංගල්‍යය ලෝකයටම පෙන්වයි

Published in විදෙස්
Friday, 09 February 2024 21:50

චීන සාම්ප්‍රදායික නව වසර උදාවන්නේ අද රාත්‍රියේයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් අද රාත්‍රී 8ට ‍ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරේ.

විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමෙන් වසන්ත උත්සව ප්‍රසංගයට ද ගෝලීය වැදගත්කමක් ලබා දී තිබේ.

1983 වසරේ සිට, චීනයේ ජාතික රූපවාහිනී සේවය වන CCTV නාලිකාව, සෑම චීන සාම්ප්‍රදායික නව වසරක් උදාවන අවස්ථාවේ මෙම මහා කලාත්මක ප්‍රසංගය පවත්වන අතර, එය චීන ජනතාව හදවතින්ම රසවිඳින මහා සංස්කෘතික මංගල්‍යයකි.

අද (9) රාත්‍රියේ රටවල් 49 ක, නගර 90 ක, 3000 කට අධික පොදු ඩිජිටල් තිරවල මෙම සුවිශේෂ ප්‍රසංගයේ විශේෂ අවස්ථා දැක ගත හැකිය. ලොව පුරා ප්‍රේක්ෂකයන් චීන වසන්ත උත්සවයේ සහ චීන සංස්කෘතියේ අද්විතීය චමත්කාරය සහිත මේ මහා සංස්කෘතික මංගල්‍යයේ රසය ද අත්විඳිමින්, උද්‍යෝගිමත් ව නව වසර පිළිගනු ඇත.

china

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us