ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සඳහා රු.බි. 20ක් අවශ්‍යයි

Published in පුවත්
Sunday, 11 February 2024 10:02

ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 20ක් (රුපියල් කෝටි දෙදහසක්) අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය රුපියල් බිලියන 10කින් (කෝටි දහසකින්) කළමනාකරණය කරගත යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබීම මතය.

ජනාධිපතිවරණය මේ වසරේදී පැවැත්වීමට නියමිත බවත් ඊට අදාළව රුපියල් කෝටි දහසක ඇස්තමේන්තුව මේ වන විටත් මුදල් අමාත්‍යංශයට යවා ඇති බවත් සඳහන් කළ හෙතෙම 2025 ට සැලසුම් කර ඇති මහ මැතිවරණය සඳහා ද රුපියල් කෝටි දහසක මූලික ඇස්තමේන්තුවක් සකස් කර ඇතැයිද සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අදාළ ඇස්තමේන්තුව පසුගිය අයවැය මගින් දැනටමත් පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ. එසේම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් මහ මැතිවරණය සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යංශය බැඳී සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය මේ වසරේම පැවැත්වෙන්නේ නම් ඊට දළ වශයෙන් රුපියල් කෝටි දෙදහසක් අත්‍යවශ්‍ය බවත් ඊට අදාළ ඇස්තමේන්තු සකස් කළේ පවත්නා අවශ්‍යතා අනුව විධිමත් ආකාරයට බවත් ඔහු අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us