දැවැන්ත වැඩ වර්ජනයකට සැරසේ

Published in පුවත්
Monday, 12 February 2024 08:07

මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළත් නිල කමිටුවේ තීරණාත්මක සාකච්ඡාවක් අද (12) පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සමකැඳවුම්කරු, රවී කුමුදේශ් පැවසුවේ, එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයින් අවස්ථා දෙකකදී වැඩ වර්ජනයක නිරත වූයේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමිනි.

සිය ගැටලු සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් හෙට (13) උදෑසන සිට යළිත් දැවැන්ත වැඩ වර්ජනයකට යොමුවන බව වෘත්තීය සමිති සන්ධානය පවසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us