subash

subash

අද (19) දිනයේ උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

රටක ආර්ථිකය කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවන බවත් ආර්ථිකය කළමනාකරණය කිරීමට පලපුරුද්දක් තිබිය යුතු බවත් ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වුවහොත් නැවත රට කඩාගෙන වැටෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

මේ රට විනාශවීම සම්බන්ධයෙන් මහආණ්ඩුව, නගර සභා, ප්‍රාදේශීය සභා මෙන්ම මේවා සමඟ එක්ව වැඩ කළ රාජ්‍ය සේවයත් වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත  පවසයි.

ගංවතුරට හසු වු ආහාර පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ.

බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ.

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ ඒ අනුව 2024 ජනවාරි - අගෝස්තු කාලය තුළ බදු ආදායම් සහ බදු නොවන ආදායම් ද ඇතුළුව රජයේ සමස්ත ආදායම රු. බිලියන 2,557.79 ක් බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්‌ වන දැනට ප්‍රසිද්ධ නොකල එස්‌ අයි ඉමාම්‌ වාර්තාව සහ ඒ එන්‌ ජේ ද අල්විස්‌ වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක්‌ ලබාදෙන බවත්‌ එසේ නොමැති නම්‌ එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (14)කොළඹ පවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Connet With Us