subash
සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි
සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (22 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද (19) සමත් වූවාය.
පසුගිය සතිය තුළ ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට කළු පැල්ලමක් එක් කරමින් තරුවක් ගලවයි
සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධිය අතිශය බරපතල සිද්ධියක් සේ දක්වමින් එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත හෙළා ඇත.
සුදු වෙන්න ක්‍රීම් ගාන අයට ස්නායු ආබාධ සහ සමේ පිලිකා මතු වීමේ ඉහළ සම්භාවිතාවක් !
සම සුදු කරන ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව පැවතීම නිසා එම ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා .
හදිසියේම පාසල් සහ රාජ්‍ය ආයතන වසා දැමීමට තීරණයක්
මේ වන විට රට පුරා විදුලිය ඇනහිට ඇති බව කියුබානු විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටිනවා.
වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට හේතුව, මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පස් දෙනෙකු කෘත්‍රීම හිඟයක් නිර්මාණය කර සහල් වැඩි මිලට විකිණීමේ උත්සාහයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න පවසයි.
පොල් ගෙඩියක මිල රු. 200 ක් දක්වා ඉහළ යෑවිමේ සුදානමක්
රටේ නිෂ්පාදනය වන පොල් ප්‍රමාණය සම්බන්ධයෙන් විධිමත් අධීක්ෂණයක් නොවීම නිසා කෘතිම ලෙස පොල් හිඟයක් මවා ඉදිරි දිනවලදී පොල් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි වෙළෙඳ පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.
වෛරසය වැලඳී මියයන ඌරන්ගේ මස් අනුභව කරන්න එපා - පශූ වෛද්‍ය සංගමය
වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
