පොල් ගෙඩියක මිල රු. 200 ක් දක්වා ඉහළ යෑවිමේ සුදානමක්

Published in පුවත්
Saturday, 19 October 2024 08:58

රටේ නිෂ්පාදනය වන පොල් ප්‍රමාණය සම්බන්ධයෙන් විධිමත් අධීක්ෂණයක් නොවීම නිසා කෘතිම ලෙස පොල් හිඟයක් මවා ඉදිරි දිනවලදී පොල් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි වෙළෙඳ පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ දිනවල වෙළෙඳ පොළේ පොල් ගෙඩියක මිල රුපියල් 130 , 160 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය දල වශයෙන් පොල් ගෙඩි බිලියන 03 ක් වේ.

රටේ නිෂ්පාදනය වන පොල් ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පොල් තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගැනේ. පොල් තෙල් කිලෝ ග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමට පොල් ගෙඩි 10 ක් අවශ්‍ය වේ.

මේ දිනවල රටේ වැසි තත්ත්වය පැවතීම නිසා පොල් නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවැතියත්, පොල් හිඟයක් මවා කෘතිමව පොල් මිල ඉහළ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවටද තොරතුරු අනාවරණය වේ.

රටේ පොල් තෙල් නිෂ්පාදන කටයුතු සඳහා කපන ලද පොල් මද ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව ආදී රටවල්වලින් ආනයනය කිරීමට ඉකුත් රජය සමයේදී කර්මාන්ත අමාත්‍යාංශයේ සාකච්ඡා වට කීපයක් පැවති අතර, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීය. කපන ලද පොල් මද ආනයනය කර පොල් තෙල් නිෂ්පාදනය කිරීමට කටයුතු කළේ නම් පොල් තෙල් නිෂ්පාදනය සඳහා රටේ පොල් නිෂ්පාදනය විශාල ලෙස යොදා ගැනීමට අවශ්‍ය නොවන බවද පැවසේ.

පොල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ ආයතනවලට අයත් වතුවල තිබෙන පොල් නාගරික ප්‍රදේශවලට ගෙනැවිත් අලෙවි කිරීමට රජය සැලසුම් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් පසුගියදා කියා සිටියේය.

කෙසේ නමුත්, එම වැඩපිළිවෙළද මෙතෙක් ක්‍රියාත්මක කර නැත.

-p.m

Last modified on Saturday, 19 October 2024 09:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us