රජයේ මැදිහත්වීමක් නොමැතිකමින් සහල් හිගයක්

Published in පුවත්
Saturday, 19 October 2024 09:08

වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට හේතුව, මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් පස් දෙනෙකු කෘත්‍රීම හිඟයක් නිර්මාණය කර සහල් වැඩි මිලට විකිණීමේ උත්සාහයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, රජය කඩිනමින් මෙම තත්ත්වය වැළැක්වීමට මැදිහත් විය යුතු බවය.

මේ වනවිට සිල්ලර වෙළෙඳපොළේ නාඩු, සුදු සහ රතු කැකුළු සහල්වල දැඩි හිඟයක් මතුව තිබේ.

ඒ අතරින් වැඩි ඉල්ලුමක් පවතින නාඩු සහල් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය.

එසේම රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ පාලන මිලට සහල් මිලදී ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

කෙසේ වෙතත්, මරඳගහමුල සහල් නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ, පාරිභෝගිකයින්ට පාලන මිලට සහල් ලබාදීම ගැටලුවක් වී ඇති බවය.

මේ අතර, සමගි ජන බලවේගය අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ, රජයේ මැදිහත්වීමක් නොමැතිකම හේතුවෙන් සහල් කතපයාධිකාරයට ඉඩ සැලසී ඇති බවය.

මෙරට ක්‍රියාත්මක සහල් මාෆියාව පාලනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හැකියාවක් නොමැතිද යන්න පිළිබඳව විමසා බැලීය.

එහිදී අදහස් දක්වමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (වැටලීම් සහ විශේෂ විමර්ශන) සංජය ඉරසිංහ පවසා සිටියේ, මහා පරිමාණ මෝල්හිමියන්ව වැටලීම් කර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පනත මඟින් තමන්ට බලතල ලැබී නොමැති බවය.

ඉදිරියේ දී පනත සංශෝධනය කිරීමට කටයුතු සිදුකරමින් පවතින බව ද ඒ පැවසීය.

මෙම පසුබිම හමුවේ පාරිභෝගික කටයුතු අධිකාරියට අවශ්‍ය බලතල ලබාදී වෙළෙඳ මාෆියාවෙන් මෙරට පාරිභෝගික ජනතාව කඩිනමින් මුදාගැනීම නව රජයට පැවරෙන ප්‍රමුඛතම කාර්යයක් වනු ඇත.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us