subash

subash

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් පැවති අවස්ථාවකදීය.

මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර එතඟතා අනුව සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධ තුන්වන සමාලෝචනය කල් යනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උපුටමින් රොයිටර් පුවත් සේවය පවසයි.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී මාලිමාව ජයග්‍රහණය කොට තිබුණද එහිදීද 50% ඉක්මවා ගිය ප්‍රතිශතයක් වාර්තා කිරීමට නොහැකි වී තිබීම විශේෂ සිදුවීමකි.

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ලුණු හිගයක්

Published in පුවත්
Saturday, 26 October 2024 10:03

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් දීමේ අවදානමක් රට තුළ උද්ගත වී ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ (2025) ජනවාරි මාසය තෙක් සහල් මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සහල් ව්‍යාපාරිකයෝ පවසති.

සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරගවදින ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද (27) පෙ.ව. 7.00ට ආරම්භ විය.

අද (26) බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

Connet With Us