රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව  

Published in පුවත්
Monday, 28 October 2024 07:59

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් පැවති අවස්ථාවකදීය.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා කියා සිටියේ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාසයක් අවසන් වන විට ජනතා විශ්වාසය අහිමි වී ගොස් ඇති බවයි. රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමු අරගෙන නොමැති බවත් රනිල් වික්‍රමසිංහ සිලින්ඩරයේ කණ්ඩායමට නායකත්වය දෙනවා බව ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් පල කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා

“ අපේ බලාපොරොත්තුව අද ඉදලා මේ මැතිවරණ සටන විජයග්‍රහණය කරා ගෙන යාම. එනිසා එහි ආරම්භය තමයි රනිල් වික්‍රමසිංහ මෙතනට ඇවිත් පටන් ගත්තෙ. රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකධුරය ඉල්ලන්නේ නැහැ. මන්ත්‍රී ධූරයක් ඉල්ලන්නේ නැහැ. නමුත් මාර්තු වෙද්දි මේ අයට රට කරගෙන යාමට නොහැකි වුනොත් ජනතාව කියයි එතුමාට රට බාර ගන්න කියලා. ඒ වෙලාවට පාර්ලිමේන්තුව තුළ හොඳ කණ්ඩායමක් ලෑස්ති කරලා තියාගන්න ඕනේ.

මෙතුමාට පාර්ලිමේන්තුවේ එක ආසනයයි තිබුණේ. අපි 134 ක සහයෝගය අරගෙන දුන්නා. මේ මැතිවරණයේදී අපිට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ආසන 40ක් 45ක් තිබුණොත් අපිට ශක්‌තිමත් විපක්ෂයක් හදා ගන්න පුළුවන්. බොරු කයිවාරු ගහලා බලයට ආපු ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දි ඔප්පු කරලා තියෙනවා තමන්ට කිසිවක් කල නොහැකි බව.

IMF එකට ගියාම ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කර ගන්න බැරිව රනිල් වික්‍රමසිංහගේ අඩි පාරෙම යනවා. මැතිවරණ කාලෙදි කිව්වා රනිල් වික්‍රමසිංහගේ ගිවිසුම වෙනස් කරනවා කියලා. නමුත් ඊට පස්සේ මුකුත්ම කරගන්න මේ අයට බැරි වුණා. දැන් රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ කඩිනමී කරනවාලු. එක නෙමෙයි ජනතාවට පොරොන්දු වුනේ. ජනතාවට කිව්වේ වැට් අඩු කරනවා. මාස 06 න් 06 ට පඩි වැඩි කරනවා. දැන් ජනතාවට තේරෙනවා මේ අයට කිසිවක් කරගන්න බැහැ කියලා.

පොල් මිල පාලනය කර ගන්න බැහැ. සහල් මිල පාලනය කර ගන්න බැහැ. මෝල් හිමියන් ගෙන්නලා අඩු කරන්න කිව්වා. සත පහකට ගණන් ගත්තෙ නැහැ ජනාධිපතිතුමාව. සත පහක් අඩු කළේ නැහැ. කරන්නත් බැහැ. ඒකට වෙනම වැඩපිළිවෙළක් තියෙනවා. හාල් මිල අඩු කරන්න හාල් ආනයනය කරන්න ඕනේ. සැපයුම වැඩි කරන්න ඕනේ. දැන් බිත්තර වලටත් ඒ වගේමයි. බිත්තර මිල පාලනය කර ගන්න බෑ. දැන් කොමිස් ගහනවා කිව්වා බිත්තර වලින්. අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි. කල පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව " යැයි නිමල් ලාන්සා වැඩිදුරටත් කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us