කාන්තා, පිරිමි සහ ළමා පිළිකා ප්‍රවණතාවයට වාර්ෂිකව 40,000 ක් එකතුවේ

Published in පුවත්
Monday, 28 October 2024 07:35

මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකාවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව හෙළි වී තිබේ.

පිළිකා රෝග මේ වන විට ලොව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව මෙරටින් සෑම වසරකම පිළිකා රෝගීන් 35,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනේ.

මෙරට වාර්ෂික සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000කට අධිකය.කාන්තාවන් අතර වඩාත් වේගයෙන් ඉහළ යමින් පවතින්නේ පියයුරු පිළිකා අවදානම බව සඳහන් වේ. 2023 වසරේ වාර්තා වූ කාන්තා පිළිකා රෝගීන් අතරින් 26% ක්ම අයත් වූයේ පියයුරු පිළිකා කාණ්ඩයටය.

පිරිමින් අතර බහුලව වාර්තා වෙමින් තිබෙන්නේ මුඛ පිළිකාවය.

2023 වසරේ වාර්තා වූ පිරිමි පිළිකා රෝගීන් අතරින් 12.6% ක්ම මුඛ පිළිකාවට ගොදුරු වී තිබුණි.

වසරක් තුළදී ආසන්න වශයෙන් ළමා පිළිකා රෝගීන් 1,000ක් මෙරටින් වාර්තා වන අතර ජාතික පිළිකා ලේඛනයේ නවතම දත්ත අනුව 2021 වසරේදී ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකා, මොලය ආශ්‍රිත පිළිකා සහ අස්ති ආශ්‍රිත පිළිකා ආදී ළමා පිළිකා රෝගීන් 1,032ක් හඳුනාගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us