subash
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අදත් කාලගුණය යහපත් - කා .ගු දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයකුත්
අද (2) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අදත් අකුණු සහිත වැස්ස, අකුණු සැර වැදීමෙන් දැරියක් මරුට
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු ශ්රමදානයකටද ? පාර්ලිමේන්තු භූමිදානයකටද ?
මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ ලෙස සලකන පාර්ලිමේන්තුව අන් කවරදාටත් වඩා බරපතළ අනතුරක් වෙත යොමු වෙමින් තිබෙන බව පැහැදිලිය.අධික බලය විසින් දූෂණය ඉහළ වහා යන බව ප්‍රත්‍යක්ෂ කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරක් වෙත තල්ලු කිරීමට ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටී.
ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි.
රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ලාංකිකයෙක් පත්කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ.
මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) ඇප මත මුදා හැරුණි.
2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම්දෙයි.
