අදත් අකුණු සහිත වැස්ස, අකුණු සැර වැදීමෙන් දැරියක් මරුට  

Published in පුවත්
Friday, 01 November 2024 09:33

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මේ අතර අකුණු සැර වැදීමකින් 11 හැවිරිදි දැරියක් මියයෑමේ සිද්ධියක් පස්සර පොලිස් වසමේ අඹතැන්න ගොවිපොළ ප්‍රදේශයයෙන් වාර්තා විය.

දැරියට අකුණු සැර වැදී ඇත්තේ ඊයේ (31) දහවල් කාලයේදී ය.

පියා හා සහෝදරයා නිවස පිටුපස අත්තිවාරම කපමින් සිටියදී ඊට උදව් කරමින් සිටියදී දැරිය මෙම අනතුරට ලක්වී ඇති බව පැවසෙයි.

ඇයගේ සහෝදරයාද අකුණු සැර වැදීමෙන් පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යවා ඇත.

පියාට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us