subash

subash

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06‍ක සිරදඬුවම් නියම කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැවරීම පිළිබඳ ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණ මහ මැතිවරණය අවසන් වනතුරු රජය විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ.

අදත් මහා වරුසා

Published in පුවත්
Sunday, 13 October 2024 10:21

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පොල් තෙල්වල පිලිකාකාරක ඇති බවට සමාජය තුළ කතාබහක් මතුව ඇති බව කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා පවසනවා.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් පෑලියගොඩ එළවළු මිලෙහි විශාල අඩු වීමක් සිදුව තිබෙනවා.

සමරු ඵලක,ස්මාරක සමරු කලාප මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් ප්‍රකාශනවලදී අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප මෙන්ම පණිවුඩ යොදාගන්නේ නම් ඒ සදහා පූර්ව අවසරයක් ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම් දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා නොවැම්බර් 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයෝ 10,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටිති.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ත් දක්වා වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද කොහොමද

Published in පුවත්
Saturday, 12 October 2024 10:00

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Connet With Us