අගමැතිවරියගේ ඡායාරූප ගත්තොත් මින් ඉදිරියට මොකද වෙන්නේ ?

Published in පුවත්
Saturday, 12 October 2024 11:38

සමරු ඵලක,ස්මාරක සමරු කලාප මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් ප්‍රකාශනවලදී අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප මෙන්ම පණිවුඩ යොදාගන්නේ නම් ඒ සදහා පූර්ව අවසරයක් ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම් දෙනවා.

රජයේ ආයතන මගින් සංවිධාන කරන විවිධ කටයුතුවලදී මෙසේ ඡායාරූප හා පණිවුඩ යොදා ගැනීම සිදු වනවා.

එවැනි කටයුතුවලදී අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූප හෝ පණිවුඩ යොදා ගන්නේ නම් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතුයි.

අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවුඩ මෙසේ යොදා ගන්නේ නම් අදාළ අමාත්‍යාංශවලින් ඒ සදහා පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතු බවයි නිවේදනයක් නිකුත්කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා දැනුම් දෙන්නේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූප හා පණිවුඩ යොදාගන්නේ නම් ඒ සදහා පූර්න අනුමැතියක් ලබාගත යුතු බවට මීට පෙර දැනුම් දුන්නා.

රජයේ ප්‍රතිපත්තීන්ට හා ඉදිරි දැක්මට අනුකූල වෙමින් මෙම තීරණ ගෙන තිබෙනවා.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us