subash
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම අද (08) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනු ඇත.
නිදහසෙන් පසුව රාජ්‍ය පාලනයේ පහසුම අවස්ථාව ලැබුණේ අනුරට
රාජ්‍යයක් පාලනය කිරීමේ දේශපාලන බලය අත්පත් කරගැනීම ඒ මොහොතෙ සුවිසල් ජයග්‍රහණයක් ලෙස පෙනී ගියද ඉන් ඉදිරියට රාජ්‍යය තමන් අභිමත පරිදි පාලනය කරගැනීම පහසු නැත. මුහුණ දීමට සිදුවන තත්වයන් සංකීර්ණය. වගකීම් හිතනවාට වඩා විශාලය. විශේෂයෙන්ම තමන්ට බලයට ගෙන ඒමට සහය වූ ජනතාවගේ අභිලාෂයන් සම්පූර්ණ කර දීම දැඩි අභියෝගයක් වේ. ඊටත් වඩා තමන්ව නොපිළි ගන්නා ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම හෝ එල්ල වන පීඩනය පාලනය කර ගැනීම අසීරුය.
කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැඩිම වර්ෂාපතනය කොළඹින් ! ගාල්ල මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
ඊයේ (06) උදෑසන 8.30 සිට අද උදෑසන 7.00 දක්වා කාලසීමාව තුළ දී කොළඹ දිස්ත්‍රික්කයට මිලි මීටර් 162.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07) නිල වශයෙන් නිවේදනය කළේය.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ පිට කළ අධ්යක්ෂවරයාත් ගුරුවරයාත් රිමාන්ඩ්
මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
බදු නොගෙවූ අය ඉන්න තැනටම ගොස් බදු අය කරගැනීමේ වැඩපිළිවෙල අදින් ඇරඹේ
2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ වෙයි.
