බදු නොගෙවූ අය ඉන්න තැනටම ගොස් බදු අය කරගැනීමේ වැඩපිළිවෙල අදින් ඇරඹේ Featured

Published in පුවත්
Monday, 07 October 2024 09:48

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සඳහන් කළේ අද දිනයේ සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවය.

මෙම වසරේ සැප්තැම්බර් මස 30 වන දින වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1417ක මුදලක් බදු වශයෙන් අය කරගෙන තිබේ.

එය 2024 වර්ෂය සඳහා වූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2024ක මුදලෙන් සියයට 70 ඉක්මවූ අගයක්ය.

කෙසේ නමුත් තවදුරටත් ස්වතක්සේරු ගෙවීම් යටතේ ගෙවිය යුතු බදු ගෙවන්නන් සිටින බවට හඳුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ පරිශ්‍ර වෙත ගොස් ඒවා අය කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව නොගෙවූ ස්වතක්සේරු බදු අය කරගැනීමේදී නීතිමය ක්‍රමවේදය සපුරා ක්ෂණික අය කරගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී කටයුතු කරනු ඇත.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us