වැඩිම වර්ෂාපතනය කොළඹින් ! ගාල්ල මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Published in පුවත්
Monday, 07 October 2024 15:51

ඊයේ (06) උදෑසන 8.30 සිට අද උදෑසන 7.00 දක්වා කාලසීමාව තුළ දී කොළඹ දිස්ත්‍රික්කයට මිලි මීටර් 162.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊට අමතරව වලල්ලාවිට (මිමී 112.5), හොරණ (මිමී 111.5), නෙළුව (මිමී 109) සහ උඩුගම (මිමී 94.5) යන ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී තිබුණි.

මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. එමෙන්ම කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us