ශ්‍රී ලංකන් ගුවන් සේවයට කළු පැල්ලමක් එක් කරමින් තරුවක් ගලවයි Featured

Published in පුවත්
Saturday, 19 October 2024 10:04

සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධිය අතිශය බරපතල සිද්ධියක් සේ දක්වමින් එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත හෙළා ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් එසේ පරීක්ෂණ සිදුකළත් මෙම සිදුවීම හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විශාල කැළලක් ඇති වී තිබේ. ඒ පිළිබඳව AirlineRatings.com සිය නවතම වාර්තාව පසුගියදා නිකුත් කර තිබුණි.

Aviation Herald (AV) ට අනුව, අදාළ ගුවන් නියමුවරයා තම සහයක නිලධාරිනියට ආපසු පැමිණීමට නොහැකි වන ලෙස කටයුතු කර ඇති අතර යානය කොළඹට ගොඩ බෑමෙන් අනතුරුව අපහසුතාවට පත්වූ නිලධාරිනිය විසින් පැමිණිලි කරමින් දක්වා ඇත්තේ ඇය සහ ගුවන් යානයේ නියමුවරයා අතර ඇතිවූ මතභේදයක් අදාළ සිද්ධියට මුල් වූ බවය.

සිඩ්නි සිට කොළඹ බලා සැප්තැම්බර් 21 දින පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල් 607 දරන ගුවන් යානයේ නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධව චෝදනා එල්ල වූ කපිතාන්වරයා සේවයෙන් ඉල්ලා අස්වුවත් ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන කිසිදු පරීක්ෂණයකට එය බාධාවක් නොවන බවත් ඊට අදාළ සියලුම පරීක්ෂණ ස්වාධීනව ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පොදු සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පරීක්ෂණ දෙකක් පවත්වන බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් තවත් පරීක්ෂණයක් පවත්වන බවත්ය. එසේම මෙම සිදුවීම පදනම් කරගනිමින් ආසියාවේ පැරණිතම ගුවන් සේවයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශාල අපකීර්තියක් සහ කැළලක් සිදු වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

අදාළ සියලුම පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන් ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූලව සිදුවන බවත් මේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයකින් අනතුරුව ඊට අදාළ තීරණ ගැනීම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිදුකරන බවත් දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us