ගංවතුරට හසු වු ආහාර අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් දැනුම්දෙන්න

Published in පුවත්
Friday, 18 October 2024 11:14

ගංවතුරට හසු වු ආහාර පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ පසුගිය සමයේ එවැනි සිදුවිම් වාර්තා වු බවය.

මේ අතර, පාරිභෝගිකයින්ට ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියකට තබා නොගතහොත් නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා සදහන් කළේය.

"කුඩා මට්ටමින් ආහාර සැකසුම් කරන ආයතනවල අපි දකිනවා මේ සම්බන්ධයෙන් තියෙන උනන්දුව මදි කියලා. හොඳම දේ තමයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගෙන කටයුතු කිරීම. ඒ ආහාර සැකසුම් ආයතන හරියට පවත්වාගෙන ගියේ නැත්නම් එය ආහාර පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්."

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us