රට කඩා වැටීමට රාජ්‍ය සේවයත් සම්බන්ධයි - කේ.ඩී. ලාල්කාන්ත

Published in පුවත්
Friday, 18 October 2024 11:19

මේ රට විනාශවීම සම්බන්ධයෙන් මහආණ්ඩුව, නගර සභා, ප්‍රාදේශීය සභා මෙන්ම මේවා සමඟ එක්ව වැඩ කළ රාජ්‍ය සේවයත් වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත  පවසයි.

‘දිනමිණ’ පුවත්පතට ඊයේ (17) අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේදී රාජ්‍ය සේවයත් ප්‍රගතිශීලි විය යුතු බවයි.

”ආණ්ඩු එනවා, යනවා. රාජ්‍ය සේවය පවතිනවා. රාජ්‍ය සේවයත් මේ රටේ ජනතාවගේ අප්‍රසාදයට පත් වුණු එකක්. මේක කුණු වෙලා. හැබැයි රාජ්‍ය සේවයේ හොඳ මිනිස්සුත් ඉන්නවා කිහිප දෙනෙක්. නමුත් පද්ධතියක් ලෙස ගත්තම රාජ්‍ය සේවයත් මේ රට කඩා වැටීමට සම්බන්ධයි. දැන් අපි මේ වෙනස් කරගෙන යන්නෙ ආණ්ඩුව. මෙම නොවැම්බර් 14 අපි ආණ්ඩුවක් හදන්න යන්නෙ.

එයින් පසුව ගමේ ආණ්ඩුව ප්‍රාදේශීය සභාව හදනවා. එතනින් පස්සෙ සිද්ධ වෙනවා පළාත් ආණ්ඩුව හදන්න. එතකොට ජනතාව ප්‍රගතිශීලි ජනතාවාදී ආණ්ඩු හදන්න සූදානම්. එහි ආරම්භය නොවැම්බර් 14. හැබැයි අලුත් ආණ්ඩු ආ පමණින්ම එකපාරටම ජනතාව බලාපොරොත්තු වන රට බිහි වන්නෙ නැහැ. රට නිවැරදිව ඉදිරියට යන්න ජනතාවයි, රාජ්‍ය සේවයේ යෙදී සිටින අයයි, බලයට ගෙනෙන ආණ්ඩුයි කටයුතු කළ යුතුයි. එවිට තමයි ජනතාව බලාපොරොත්තු වන සංවර්ධිත රටක් ගොඩනඟන්න පුළුවන් වෙන්නෙ” යැයිද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us