බිත්තර වලට මිළ සූත්‍රයක් ඉදිරිපත් කරන්න - බිත්තර සංගම් රජයෙන් ඉල්ලයි Featured

Published in පුවත්
Friday, 18 October 2024 10:48

බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා සඳහන් කළේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වඩා අඩු මුදලක් වැයවන බැවින් රුපියල් 35ක මිලකට වෙළෙඳපොළ තුළ බිත්තරයක් අලෙවි කිරිමට හැකියාව පවතින බවය.

"බිත්තර මිල සම්බන්ධ අර්බුදය තාම විසඳිලා නැහැ. රුපියල් 40 - 45 දක්වා වෙළෙඳපොළේ බිත්තර මිල වැඩි වෙලා. මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න. බිත්තරයක ඇත්තම නිෂ්පාදන වියදම රුපියල් 20ත් 23ත් අතර යන්නේ. ගොවිපොළෙන් රුපියල් 30කට බිත්තරය දෙන්න පුළුවන්."

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us