2024 වසරේ රනිල්ගේ ආණ්ඩුව බදු ගහලා හම්බ කරපු හැටි   Featured

Published in පුවත්
Thursday, 17 October 2024 20:41

2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ ඒ අනුව 2024 ජනවාරි - අගෝස්තු කාලය තුළ බදු ආදායම් සහ බදු නොවන ආදායම් ද ඇතුළුව රජයේ සමස්ත ආදායම රු. බිලියන 2,557.79 ක් බවයි.

මෙම වකවානුව තුළ සමස්ත බදු ආදායම රු. බිලියන 2,348 ක් ලෙසින් සටහන්ව ඇති අතර එයින් රු. බිලියන 624 ක් ආදායම් බදු ලෙසත්, රු. බිලියන 1,421 ක් භාණ්ඩ හා සේවා මත අය කරනු ලැබූ බදු ලෙසත් දක්වා ඇත.

මෙහි ඇති විශේෂත්වය නම් භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකයක් වූ VAT බදු ආදායම රු. බිලියන 842ක් දක්වා 87.2%කින් වැඩි වී තිබීමයි. මීට අමතරව සුරාබදු ආදායම මෙම වකවානුව තුළ දී රු. බිලියන 385 ක් දක්වා 42% කින් ද මෙම මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී ඉහළ ගොස් තිබේ.

බදු නොවන ආදායම රු. බිලියන 209 ක් දක්වා 31.7% කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.


Pre Election Budetary Position Report 2024 20 1

කෙසේ නමුත් පැවැති රනිල් වික්‍රමසිංහ ආභ්ඩුව විසින් පවත්වාගෙන ගිය බදු ප්‍රතිපත්තියට එරෙහිව වැඩිම හඩක් නැංවූ ජාතික ජන බලවේගය තමන්ගේ පාලනයක් තුළ බදු ලිහිල් කරන් බවත් අධ්‍යාපන සෞඛ්‍ය හා ආහාර මත පනවා ඇති වැට් බදු ඉවත් කරන බවටත් සහතික කර කියා සිටිය නමුත් මේ වන තෙක් එවැනි පියවරක් ගෙන නොමැත.

මේ අතර අද දින ආනයනික ආහාර ද්‍රව්‍ය කිහිපයකට විශේෂ වෙළඳභාණ්ඩ බද්ධක් පැනවීමට ජනාධිපති අනුර කුමාර තීරණය කර තිබිණි. ඒ අනුව සම්පූර්ණ සහ පියලි කළ මයිසූර් පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා සත 25ක බද්දක්ද, සම්පුර්ණ සහ පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයට සත 25ක බද්දක්ද පනවා තිබේ.

උම්බලකඩ සහ ඊට ආදේශක භාණ්ඩ සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 302ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ද එමගින් පනවා ඇත.

තවද කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, අලුත් හෝ ශීතකළ මසුන් සඳහා 10%ක් හෝ කිලෝග්‍රෑමයට රු.400 යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් ද පනවා තිබේ.

Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට අනුව 2024 වසරේ පළමු මාස 08 තුළ දී දේශීය හා විදේශීය ණය සඳහා පොලී වශයෙන් රු. බිලියන 1,559.7ක් ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

2023 වසරේ මුල් මාස 08 තුළ එම ප්‍රමාණය වාර්තා වී තිබුණේ රු. බිලියන 1,525.7 ක් ලෙසිනි.

මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය 2023 වසරේ මෙම කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 08 තුළ විදේශ ණය සඳහා පොලී ගෙවීම් 34.9% කින් ඉහළ ගොස් තිබීමයි. 2023 වසරේ මුල් මාස 08හි රු. බිලියන 74.1 ක්වූ විදෙස් ණය පොලී ගෙවීම් මේ වසරේ මුල් මාස 08 තුළ රු. බිලියන 100 ක් දකවා ඒ අනුව වැඩි වී ඇත. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ අත්හිටුවා තිබූ ඇතැම් බහුපාර්ශවයීය ණය පොලී ගෙවීම් නැවත ආරම්භ කිරීමත් සමඟ මෙලෙස මෙම වසරේ දී ණය පොලී ගෙවීම් ඉහළ ගොස් ඇති බවයි.

තවද දේශීය ණය පොලී ගෙවීම් රු. බිලියන 1,451.6 සිට රු. බිලියන 1,459.7 ක් දක්වා 0.6% ක වැඩි වීමක් වසරේ මුල් මාස 08 තුළ පෙන්නුම් කර ඇත.

මේ අතර 2024 වසරේ සමස්ත ණය පොලී ගෙවීම් ප්‍රමාණය රු. බිලියන 2,650 ක් බවට මුදල් අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තු කර තිබේ.

Last modified on Thursday, 17 October 2024 20:51

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us