අහෝසි වුණ බද්දක් නැවත පැනවීමක්ලු මාලිමා ආණ්ඩුව කළේ  

Published in පුවත්
Friday, 18 October 2024 22:36

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් සඳහන් කර ඇත්තේ, 2023 ඔක්තෝබර් මස 14 වන දින 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වු බැවින්, එය නැවත 2024 දෙසැම්බර් මස 31 දින දක්වා එලෙසම දීර්ඝ කිරීමට 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් කටයුතු කර ඇති බවය.

එමඟින් රජය විසින් අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති අතර, ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායි ශත 25ක් වු බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති අතර, දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් සහ විදේශ විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනෙකුත් භාණ්ඩ 04 සඳහා පැවති බදු අනුපාන යටතේම එලෙසම දීර්ඝ කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

සාමාන්‍යයෙන් මෙම පනත යටතේ ගැසට් නිවේදනයන් වසරක කාලයක් සඳහා නිකුත් කලද, මෙම බදු පිළිබඳව විධිමත් ලෙස අධ්‍යනය කිරීම කෙරෙහි අවධානය යොමුකොට 2024.12.31 දින දක්වා පමණක් පවතින බදු ප්‍රමාණය එලෙසම පවත්වා ගැනීමට තීරණය කළ බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කොහොම නමුත් මෙම නිවේදනය අනුව පැහැදිලි වන්නේ පසුගිය ආණ්ඩුව මඟින් පනවා 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වු බද්ද නැවත අලුතෙන් පැනවීමක් වත්මන්ආණ්ඩුව සිදු කළ බවය.

tax_letter.jpg

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us