subash

subash

මුදල් අමාත්‍යංශ ලේකම් පීබී ජයසුන්දර මහතා අද පාන්දර 1.30 ට ක‍ටුනායක ගුවන් තො‍ටු පොළින් සිංගප්පූරුව බලා පිටත්ව තිබේ. ඔහු ගේ ගමනාන්තය කුමක්ද යන්න හෙළිවී නැත.

ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු නාමල් රජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේදී එජාප පර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අමතා ජනාධිපතිවර්ණය යම් කිසි ලෙසකින් ඔවුන් පරාජයට පත්වුව හොත් තමන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ඉල්ලා ඇති බව වාර්තා වේ.

ගමනක මුල

Thursday, 08 January 2015 09:25

අද දින පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හය වන විධායක ජනාධිපතිවරණය යි. මෙය හුදෙක් ජනාධිපත්වරණයක් ම පමණක් නොවේ. එනම් ලාකීය දේශපාලන ගමන් මගේ හැරවුම් ලකෂ්‍යයකි. 2009 මයි මස 9 වන දින එක් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් සමස්ත ලාංකීය ප්‍රජාව ම අත්විඳි අනේක දුක් කම්කටුලු නිමා වන්නේ හෝ තව තවත් එබඳු දුක් කම්කටුලුවලට මුහුණ පාන්නට සිදුවන්නේ අද දිනයේ රටේ බහුතර ජනයා ගන්නා තීරණය අනුව ය.

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි භාර ගැනීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාපිත කෙරුණු විශේෂ ඒකකය මේ වනවිට එම කටයුතු ආරම්භ කර අැත. දිස්ති‍්‍රක් මට්ටමින් පැමිණිලි භාර ගැනීම සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළේය.

ඊයේ අප විසින් හෙළිකල පුවතට අනුව උතුරු නැගෙනහිර පළාත්වලට යවා ඇති නාවික හමුදා සෙබලුන් 2000 ක පමණ කණ්ඩායම විසින් මේ වන විට බරපතල ලෙස මැතිවරණ නීති කඩ මින් කටයුතු කරන බව වර්තාවේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර ආරම්භ වුයේය. ඡන්ද විමසීම පස්වරු හතර දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන දොළොස් දහස් දෙසීය පනස් දෙකකදී පැවැත්වීමට නියමිතය.

මාසයකට අධික කාලයක් තිස්සේ විපක්ෂයට මඩ අවලාද ගසමින් ගෙන ගිය මැතිවරන ව්‍යාපාරයේ රාජපක්ෂවරුන්ට විශාලම අභියෝගය වී ඇත්තේ එකසත් ජාතික පක්ෂය සහ ජනතා  විමුක්ති පෙරමුණ බව ඊයේ රාත්‍රියේ සිට එම පක්ෂ දෙකට එරෙහිව අලවා ඇති මඩ පොස්ටර් හා බෙදා හැර ඇති මඩ පත්‍රිකා ‍තොගයෙන් සනාත වේ.

ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමේ සතුට පක්‍ෂ විපක්‍ෂ සියලූ ජනතාව සමග සාමකාමීව, සහෝදරත්වයෙන් බෙදා හදා ගන්නා ලෙස ද විශේෂයෙන් විරුද්ධ අදහස් දැරූ ඔබේ අසල්වාසීන් ආරක්‍ෂා කොට ශීලාචාර නව දේශපාලන සංස්කෘතියක මූලාරම්භය ලොවට පෙන්වන ලෙස ද පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ෆේස් බුක් සමාජ ජාලය අවහිර කිරීමට රාජපක්ෂ පවුල් ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින බව වාර්තාවේ.

මීට පැය කිහිපයකට පෙර කොට්ටේ මාදිවෙල ඊයම්පොරුව විහාරය පැමිණි ගොඨාභය රාජපක්ෂ එහි සූදානම් කර තිබූ උත්සවයකදී ප්‍රදේශවසීන්ට පාසල් පොත් බෑග්, රෙදි පිළි ආදිය බෙදා දී මහින්ද රජපක්ෂ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නයැයි පවසා ඇත.

Connet With Us