ජයග්‍රහණය සාමකාමීව බුක්ති විදින්න' - රනිල්

Published in පුවත්
Thursday, 08 January 2015 07:55

ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමේ සතුට පක්‍ෂ විපක්‍ෂ සියලූ ජනතාව සමග සාමකාමීව, සහෝදරත්වයෙන් බෙදා හදා ගන්නා ලෙස ද විශේෂයෙන් විරුද්ධ අදහස් දැරූ ඔබේ අසල්වාසීන් ආරක්‍ෂා කොට ශීලාචාර නව දේශපාලන සංස්කෘතියක මූලාරම්භය ලොවට පෙන්වන ලෙස ද පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

'' අප රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ භුක්ති විදි තමන්ගේ ඡන්දයෙන් කැමති නායකයෙක් තෝරා පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම උරගා බැලීමට යළිත් අවස්ථාවක් උදාවී තිබේ.

ඊට බලපෑම් කිරීමට, එය වැළැක්වීමට, වෙනස් කිරීමට හෝ උදුරා ගැනීමට කිසිවෙකුටත් නොහැක.

උදේන්ම ඡන්ද පොළට ගොස් ඔබට හිමි එම උත්තරීතර අයිතිවාසිකම නිහඬව, නොබියව සහ අභිමානයෙන් යුතුව භුක්ති විදින ලෙස සියලූම ඡන්දදායකයින්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.'' යයි ද එම නිවේදනයේ දැක්වේ

Last modified on Thursday, 08 January 2015 08:00

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us