subash
මැතිවරණ ලේකම් කාර්යලයේ නිල වෙබ් අඩවිය බිඳ වැටී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා පරාජය වි ඇති බවට නිල නොවන වාර්තා පලවෙමින් ඇත. දිස්ත්‍රික්ක ගනනාවකින් දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව මේ බව හෙලිවේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඩෙල්ටා පර්යන්තයේ අදට දින 09 සිට A319 එයාර් බස් 2ක් නවතා ඇතැයි ගුවන් තොටුපල තොටුපල වෘත්තිය සමිති පවසයි.
පැරැදුනත් යන්නේ නෑ වගේ ! අරලියගහ මන්දිරයට 3000ක් පොලිස් බල ඇණියක් කැඳවයි !!
අරලිය ගහ මැදුරේ ආරක්ෂාව සඳහා හෙට පාන්දර 2.30 ට වහාම ක්‍රියාත්මක වන පරිදි 3000ක පොලිස් බල ඇණියක් කැඳවා ඇත.
මැදමුලනේ රාජපක්ෂ: අශ්වයෙකු යැයි සිතා ගෙම්බෙක්ගේ උඩ නගී
නිලන්ත ඉලංගමුව
රාජපක්ෂ අද මැදමුලනේදී තම කැමැත්ත තමන්ටම ලබා දීම සඳහා ශුභ හෝරාව අනුව යමින් ශුභ දිසාව දෙස බලා කටයුතු කරනු ලැබීය. ඔහු සමඟ වෙනදා ගමන් කරන අයවලුන්ට අමතරව ඔහු අභිමුඛයේ තවත් අයෙකු විය. ඒ අයියෝ සිරිසේන නමැති නළුවෙකි. ස්වාධීන අපේක්ෂකයෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ හෙතම වඩාත් අප්‍රසන්න ලෙස මාධ්‍ය ඉදිරියේ යොදා ගත්තේය. එකී පුද්ගලයා රාජපක්ෂගේ මෛත්‍රී බීතිකාව නැතිකිරීම සඳහා විවිධාකාරයෙන් භාවිතා කරනු ලැබීය. සැබවින්ම එමඟින් සැබෑ අවාසියක් අත් වූයේ රාජපක්ෂට මිස මෛත්‍රීට නොවේ. එම සරල දේ තේරුම් ගැනීමට අවසාන මොහොතේද රාජපක්‍ෂට නොහැකි විය.
දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා යාපනය කුඩත්තනෙයි ප්‍රදේශයේදී සිය ඡන්දය භාවිතා කළ අයුරු
