එහිදී ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව එක්කෝටි පනස් ලක්ෂ හතළිස් හතර දහස් හාරසීය අනූවකි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ 17 ක හා ස්වාධීන කණ්ඩායම් දෙකක අපේක්ෂකයින් 19 දෙනෙකු ඉදිරිපත්ව සිටී.
මෙම කාලසීමාව තුළ සිය ඡන්ද අයිතිය සාමකාමීව භාවිත කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි. මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මක කර අැත.
මේ වනවිටත් ඡන්දදායකයින් ඉතාමත් උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙමින් සිටින බව වාර්තා ෙව්.කලකට පසු ජනතාව ඉතා උද්යෝගයෙන් යුතුව සිය ඡන්ද අයිතිය භාවිතයට යොමුවී අැත.