subash

subash

මේ දිනවල ඉන්දියාවේ ජාතික දින උත්සවයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා වෙනුවෙන් පළ කෙරුණු ආරක්ෂක උත්තමාචාරය මෙහෙයවීම කාන්තා නිලධාරිනියකට පැවරී තිබෙනවා.

වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන මාසික දීමනාව අද (26)සිට ලබා දීමට නියමිතය. පළමු අදියර යටතේ රෝගීන් දහසක් වෙනුවෙන් මෙම දීමනාව ලබා දෙන බව සමාජ සේවා හා සමාජ සුභ සාධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප‍්‍රකාශ කලේය. ඒ අනුව වකුගඩු රෝගයට මුහුණ පා සිටින රෝගියෙකු වෙනුවෙන් රුපියල් තුන් දහසක මාසික දීමනාවක් ලබා දෙනු ඇත.

නීති විරෝධි ලෙස ලග තබා ගෙන සිටින අලි පැටවුන් වන ජීවි දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පරිවාස කාලයක් ලබා දී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ලිංගික අපචාර චෝදනා මත ධුරයෙන් ඉවත්වීමට සිදුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානී ඩොමිනික් ස්ට්‍රවුස් ඛාන්ට රුපියල් කෝටි ගණනක මුදලක් ගෙවමින් ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශකයෙකු ලෙස පත් කරගෙන සිට ඇති බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 27ක සේවය කරන තානාපතිවරුන් ඇතුළු තානාපති අංශ ප්‍රධානීන් 27 දෙනකු වහාම ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවය දැඩි ලෙස දේශපාලනීකරණය වීම නිසා ජාත්‍යන්තර අංශවල සහයෝගය මෙරටට නොලැබී යෑමේ හේතුව මත විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීමේ නව වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇතැයි රජය පවසයි.

Dialog Starfriends Cricket

Monday, 26 January 2015 10:42

Dialog Starfriends Cricket තරඟය  ජනප‍්‍රිය රංගන ශිල්ප ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(25) දින බොරැල්ල  සරවනමුත්තු ක‍්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විනි.

හොංකොංහි පැවති 15 වන ආසියානු ශූරතා මැරතන් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක්‌ මෙතෙක්‌ වාර්තා කරන ලද හොඳම කාලය සටහන් කරගනිමින් එහි පස්‌වන ස්‌ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලූකා ගීතානි රාජසේකරට හැකිවිය. එහි පිරිමි අංශය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තිස්‌ස ගුණසේකරට හිමිවූයේ 6 වැනි ස්‌ථානයයි.

පොරොන්දු වූ පරිදි වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යාංශ යටතට පවරා ගන්නැයි පරිසර සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

දෙරටේ ආරක්ෂාව පිළිබඳව ද නව ව්‍යාපෘති ඇති කර ගනිමින් සහයෝගීතා වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ඉන්දියාවේ සංචාරයක යෙදෙන එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් සෙයිද් අල් හුසේන් හමුවීම සඳහා විදේශ කටයුතු පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා  අද (26දා) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය.

Connet With Us