ලිංගික අපචාරකරුවකු වූ හිටපු IMF ලොක්කට කබ්රාල් පඩි ගෙවලා

Published in පුවත්
Monday, 26 January 2015 11:03

ලිංගික අපචාර චෝදනා මත ධුරයෙන් ඉවත්වීමට සිදුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානී ඩොමිනික් ස්ට්‍රවුස් ඛාන්ට රුපියල් කෝටි ගණනක මුදලක් ගෙවමින් ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශකයෙකු ලෙස පත් කරගෙන සිට ඇති බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මුදල කොපමණ දැයි නිශ්චිතව තවමත් ප්‍රකාශ වී නොමැති අතර, ආසන්න වශයෙන් එම මුදල රු.කෝටි 3කට වැඩි බවත්, එහෙත් ඔහුට එවැනි මුදලක් ගෙවා ඔහුගෙන් ලබාගෙන ඇති සේවය කුමක්දැයි යන්න පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවද වාර්තා වෙයි.

මේ පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙම පුවත තහවුරු කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

'පුවත්පත කරන හෙළිදරව්ව සත්‍යයක්. ලිංගික අපචාර චෝදනා මත ධුරයෙන් ඉවත් වීමට සිදුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප්‍රධානී ඩොමිනික් ස්ට්‍රවුස් ඛාන් (ආදරණීය ස්ට්‍රවුස් ඛාන්) මහ බැංකුවේ උපදේශකයෙක් ලෙස බඳවාගෙන තිබෙනවා. ඒ සඳහා ඔහුට රුපියල් කෝටි ගණනක මුදලක් ගෙවා තිබෙන බව හෙළිවෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් මොහු උපදේශකයෙකු ලෙස පත්වී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු එම උපදේශක ධුරයෙන් ඉවත් කිරීමට අප කටයුතු කළා. ඔහුට මහ බැංකුවෙන් ගෙවන ලද මුදල් ප්‍රමාණය පිළිබඳව මේ වනවිට සොයා බැලීමක් කරනවා. ඉදිරියේදී එය හෙළි කරන්නම්' යැයිද සඳහන් කළේය.

ada

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us