නැවත කැඳවා ඇති විදෙස් සේවයේ 27දෙනා මෙන්න

Published in පුවත්
Monday, 26 January 2015 10:56

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 27ක සේවය කරන තානාපතිවරුන් ඇතුළු තානාපති අංශ ප්‍රධානීන් 27 දෙනකු වහාම ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවය දැඩි ලෙස දේශපාලනීකරණය වීම නිසා ජාත්‍යන්තර අංශවල සහයෝගය මෙරටට නොලැබී යෑමේ හේතුව මත විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීමේ නව වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇතැයි රජය පවසයි.

විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේදීද කියැවින.

රෙටර විදේශ සේවය දේශපාලනීකරනයට ලක් වී ඇති බවට ප්‍රථමවරට ඉතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසිනි. ඔහුගේ එම පාර්ලිමේන්තු කතාව රටේ ආණ්දෝලනාත්මක කතාවක් බවට පත්විය.

මේ අනුව ජනවාරි 29 වැනිදා වනවිට පහත සඳහන් තානාපතිවරුන් හා තානාපති අංශ ප්‍රධානීන් හට නැවත මෙරටට පැමිණෙන ලෙස දන්වා යවා තිබේ.

01. ශා නවාස් මරික්කාර් බාවා(ඇෆ්ගනිස්ථානය)

02. අද්මිරාල් (විශ්‍රාමික) තිසර සමරසිංහ (ඕස්ට්‍රේලියාව)

03. රාජා එදිස්සූරිය (බ්‍රසීලය)

04. මහාචාර්ය කේ. හඟවත්ත (ප්‍රංශය)

05. අනෝජා විජේසේකර (ඉන්දුනීසියාව)

06. එම්.එෆ්. රසීන් (ඉරානය)

07. සරත් විජේසිංහ (ඊශ්‍රායලය)

08. බෙනට් කුරේ (ඉතාලිය)

09. අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ (ජපානය)

10. ගාමිණී රාජපක්ෂ (ජෝර්දානය)

11. තිස්ස විජේරත්න (කොරියාව)

12. නීල් ඩයස් (මාලදිවයින)

13. එච්.ආර්. පියසිරි (මියැන්මාරය)

14. ආචාර්ය පාලිත කොහොන (ඇමෙරිකා එක්සත් ජනපදය)

15. බුද්ධි ආතාවුද (නෙදර්ලන්තය)

16. එයාර් චීෆ් මාෂල් (වි) ජයලත් වීරක්කොඩි (පාකිස්තානය)

17. මහාචාර්ය ගාමිණී සමරනායක (පිලිපීනය)

18. යූ.එස්. ද සිල්වා (පෝලන්තය)

19. උදයංග වීරතුංග (රුසියාව)

20. හුසේන් මොහොමඩ් (සෞදි අරාබිය)

21. රජත පියතිස්ස (සීෂෙල්ස්)

22. සරත් කෝන්ගහගේ (ද. අප්‍රිකාව)

23. ඕෂධී අලහප්පෙරුම (ස්වීඩනය)

24. ජෙනරාල් (වි) ශාන්ත කෝට්ටේගොඩ (තායිලන්තය)

25. භාරතී විජේරත්න (තුර්කිය)

26. වේළුපිල්ලේ ගනනාදන් (උගන්ඩාව)

27. අර්වින් අමරසිංහ (වියට්නාමය)


lankatruth

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us