වනජීවී හා වන සංරක්‍ෂණය, පරිසර අමාත්‍යාංශ යටතට පවරා ගන්න - ජාතික පරිසර සංවිධාන එකමුතුව

Published in පුවත්
Monday, 26 January 2015 10:06

පොරොන්දු වූ පරිදි වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යාංශ යටතට පවරා ගන්නැයි පරිසර සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිසර සංවිධාන 20 කට අධික සංඛ්‍යාවකින් සැදුම් ලත් ජාතික පරිසර සංවිධාන එකමුතුව විසින් සකස්කරන ලද ජාතික පරිසර ප්‍රතිපත්තිය ජනාධිපතිවරණයට පෙර පිළිගත් බැවින් එම පරිසර ප්‍රතිපත්තියේ සඳහන් කරුණු වහාම ඉටු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වන බැවින් පරිසර සංවිධාන මේ ඉල්ලීම කර සිටී.

මේ සම්බන්ධයෙන් කැඳවූ මාධ්‍ය හමුවක් පසුගියදා (21දා) ජාතික පුස්තකාලයේදී පැවැති අතර ඊට එක්වූ පරිසර සංවිධානවල නියෝජිතයන් අවධාරණය කළේ වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සංචාරක අමාත්‍යාංශය යටතට පවරා දී ඇති බවයි. රජය මීට පෙර පරිසරය සහ වනාන්තර විවිධ අමාත්‍යාංශවලට බෙදාදීම හේතුවෙන් මේ රටේ අලි - මිනිස් ගැටුම සහ ප්‍රබල ලෙස සිදු කළ පරිසර විරෝධී ව්‍යාපෘති සඳහා ඉඩකඩ ලබාගත් බව පෙන්වා දෙන මොවුන් වනජීවීන්ගේ වගකීම පවතින්නේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට විනා වන සන්දර්ශන පැවැත්වීමට කටයුතු කරන සංචාරක අමාත්‍යාංශයට නොවන බැවින් වහාම එම වැරැද්ද නිවැරැදි කළ යුතු බව අවධාරණය කරයි.

මේ වන විට පරිසර හා වනජීවී විෂයට අදාළව අමාත්‍යාංශවලට නව ඇමැතිවරුන් ලේකම්වරුන් පත් කර තිබියදී තවදුරටත් පැවැති ආණ්ඩු සමඟ එක්වූ වනජීවීන් නීති විරෝධී ලෙස එක් එක් පුද්ගලයන්ට ලබාදීමේ කූට ව්‍යාපාරයේ යෙදුණු ලේකම්වරුන්, අධ්‍යක්‍ෂවරුන් තවදුරටත් එම ආයතනයන්හි රැඳී සිටින බවත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් පරිසර සංවිධාන ඉල්ලා සිටී.


පැවැති ආණ්ඩුව විසින් සමුද්‍රීය වෙරළ ආරක්‍ෂක අධිකාරිය ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පවරා දී තිබූ අතර එය වහාම ඉවත් කළ යුතු බවට පරිසරවේදීන් කළ ඉල්ලීමට එකඟව නව ආණ්ඩුව විසින් එම අමාත්‍යාංශයෙන් එය ඉවතට ගෙන පරිසර අමාත්‍යාංශය වෙත පවරාදීම පිළිබඳ සතුට පළ කරන බවද අදාළ නියෝජිතයන් පැවැසීය. මේ මාධ්‍ය හමුවේදී ඔවුන් වැඩිදුරටත් අවධාරණය කෙළේ, පසුගිය කාලයේදී සිදුවූ දැවැන්ත පරිසර විනාශයට මේ රටේ විද්‍යාඥයන්, විශේෂඥයන් යැයි කියා ගනිමින් සිටින පුද්ගලයන්ද ඍජුව වගකිව යුතු බවත් ඒ පිළිබඳ විස්තර තමන් සතුව තිබෙන බවත්ය.

 

(mawbima)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us