ඔබාමා හා මෝදි අතර නව ආරක්ෂක සබඳතා

Published in විදෙස්
Monday, 26 January 2015 09:37

දෙරටේ ආරක්ෂාව පිළිබඳව ද නව ව්‍යාපෘති ඇති කර ගනිමින් සහයෝගීතා වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව ඉන්දියාවේ සංචාරයක යෙදෙන එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පවසයි.

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර න්‍යෂ්ටික බල ශක්ති සහයෝගීතාවයක් ඇති කර ගැනීම සඳහා එකඟතාවකට පැමිණි බව දෙරටේ නායකයෝ නිවේදනය කර තිබේ.

මෙය කාලාන්තරයක් තිස්සේ කල් යමින් පැවති මෙම බලාපොරොත්තුව සඵල වූ බවත් සය වසරකට පෙර අත්සන් තැබූ ගිවිසුම ක්‍රියාත්මක කර වීමට පියවර ගත් බවත් ජනාධිපති ඔබාමා සහ අගමැති මෝදි නිවේදනය කර ඇත.

පරිසර හිතකාමී බල ශක්ති උත්පාදනය වර්ධනය කිරීම සඳහා ඉන්දියාවට සහයෝගය ලබා දීමට ද ජනාධිපති ඔබාමා මෙහිදී ප්‍රතිඥා දුන්නේය.

ඇමරිකානු ජනාධිපතිවරයෙකු සිය ධූර කාලය තුළ දෙවරක් ඉන්දියාවේ සංචාරය කල ප්‍රථම අවස්තාව මෙයයි.

එමෙන්ම ඉන්දියාවේ ජාතික දින උත්සවයකට සහභාගී වන ප්‍රථම එක්සත් ජනපද ජනාධිපතිවරයා වන්නේ ද ජනාධිපති බරක් ඔබාමා යි.

Last modified on Monday, 26 January 2015 09:48

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us