ඊජිප්තු ගැටුම්වලින් 18ක් මරුට

Published in විදෙස්
Tuesday, 27 January 2015 10:20

ඊජිප්තුවේ පැවති විරෝධතාවලදී ‍පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් ‍පොලිස් නිලධාරින් ඇතුළු 18 දෙනකු මියගොස් ඇත. මීට අමතරව තවත් විශාල පිරිසක් මියගොස් ඇති බවත්, විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

මෙම විරෝධතා පැවැත්වීමට මුල් වී ඇති කරුණ වනුයේ පසුගිය සෙනසුරාදා කයිරෝහි පැවති පෙළපාළියක් අතර ක්‍රියාකරුවකු ඝාතනය වීමයි.

එදින මෙම පෙළපාළිය සැලසුම් කර තිබි ඇත්තේ වසර 2011 දී එරට ජනපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමට කැරලිවලට වසර හතරක් සිදුකිරීම නිමිත්තෙනි. ඉරිදා දිනයේ දී පැවති විරෝධතා පෙළපාළි ඊජිප්තුව පුරා පවත්වා ඇති බවත්, එම වාර්තා සඳහන් කර ඇත. මෙම විරෝධතා පැවැත්වෙන බවට තොරතුරු සැලවීමත් සමග එරට රජය සියලු ප්‍රධාන නගරයන්හි ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබි ඇත.

පසුගිය වසරේ ද මෙවන් පෙළපාළි පැවැත්වීම හේතුවෙන් විශාල පිරිසක් ඝාතනයට ලක්ව ඇත. ඉරිදා දිනයේ දී වූ මෙම සිද්ධියෙන් ‍පොලිස් කැඩෙට් නිලධාරින් තිදෙනෙක් ඝාතනය වී ඇත්තේ කයිරෝ නුවර පැවති ගැටුම්වලදීය. එක් වාර්තාවක් සඳහන් කර තිබෙනුයේ පුද්ගලයන් 80 ක් තුවාල ලබා ඇති බවයි.

කැරලිකරුවන් දෙන්නෙක් නයිල් ඩෙල්ටාහි බෝම්බයක් සවි කරමින් සිටියදී එය පිපිරීම හේතුවෙන් මියගොස් තිබෙන බව වාර්තා වේ. එරට ‍පොලිසිය මාධ්‍යයට පවසා ඇත්තේ 400 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි.

සෙනසුරාදා දිනයේ පැවති විරෝධතාවකදී වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් තිස් දෙහැවිරිදි ෂයිමා අල් සබ්හා නමැති කාන්තාව මියගොස් ඇත. කයිරෝහි සමාජවාදී සන්ධාන පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන ඇගේ මරණය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ‍පොලිසියට චෝදනා එල්ල කර තිබේ. ඇගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේද ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා සඳහන් කර තිබේ.

 

(rivira)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us