රාජසේකරගේ හොංකොං ධාවනයට ඔලිම්පික්‌ වරම් හිමිවේ

Published in ක්‍රීඩා
Monday, 26 January 2015 10:10

හොංකොංහි පැවති 15 වන ආසියානු ශූරතා මැරතන් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක්‌ මෙතෙක්‌ වාර්තා කරන ලද හොඳම කාලය සටහන් කරගනිමින් එහි පස්‌වන ස්‌ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලූකා ගීතානි රාජසේකරට හැකිවිය. එහි පිරිමි අංශය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තිස්‌ස ගුණසේකරට හිමිවූයේ 6 වැනි ස්‌ථානයයි.

එහිදී නිලූකා ගීතානි රාජසේකර පැය 2 යි මිනිත්තු 40 යි තත්පර 07 ක කාලයක්‌ සටහන් කරමින් ඔලිම්පික්‌ පරිසාදන මට්‌ටම ලෙස දැක්‌වෙන පැය 2 යි මිනිත්තු 43 ක කාලය අභිබවා ගොස්‌ ඇත.

පිරිමි මැරතන් තරගයෙන් තිස්‌ස ගුණසේකර අදාළ තරගය නිමාවට පත් කරන ලද්දේ පැය 2 මි. 28 තත්. 30 කටය. එම ඉසව්වේ ඔලිම්පික්‌ පරිසාදන මට්‌ටම ඉක්‌මවා යැමට ඔහුට නොහැකි වූයේ මි. 10. තත්. 30 ක ප්‍රමාදය හේතුවෙන් වූ අතර එහි ඔලිම්පික්‌ පරිසාදන මට්‌ටම පැය 2 යි, මි. 18 ක්‌ ලෙස විය.

මෙම සමස්‌ථ තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70,000 කට අධික ප්‍රමාණයක්‌ සහභාගි වී ඇති අතර මැරතන් තරගය සඳහා කාන්තා අංශයෙන් මෙන්ම පිරිමි අංශයෙන්ද තරගකරුවන් 5000 කට අධික ප්‍රමාණයක්‌ සහභාගි වී ඇත.

Last modified on Monday, 26 January 2015 10:17

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us