අනුරාධපුර සොලිඩ් පිල අනුග්‍රාහකයකු නොමැතිව ප්‍රධානතම පාපන්දු ශූරතාව දිනයි

Published in ක්‍රීඩා
Saturday, 24 January 2015 08:40

ඉතිහාසය පුරා ප්‍රධානතම පාපන්දු ශූරතාවලියේ කිරුළ කොළඹ ක්‍රීඩා සමාජ තුළ රුදුනද මෙවර කොළඹින් පිට පළාතක ක්‍රීඩා සමාජයක් එය රැගෙන යෑමට සමත්වී අැත. මෙවර ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව දිනාගැනීමට අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජය සමත් වීඅැත. ක්‍රීඩකයෝ ස්ථිර අනුග්‍රාහකයකු නොමැතිව ඉතාම දුෂ්කර ගමනකින් ජයග්‍රහණයේ හිණිපෙත්තටම පිවිසීම විශේෂත්වයකි.

සොලිඩ් ක්‍රීඩා සමාජය මෙවර චැම්පියන් ලීග් ශූරතාවලියේ තරග 20කට සහභාගිවී තරග 15ක් ජයගත් අතර තරග 3ක් ජයපරාජයෙන් තොරව නිමාකර තරග 2කින් පරාජයවී ලකුණු 48ක් ලබා පෙරමුණ ගත්තේය. සොලිඩ් පිල බ්ලූස්ටාර් හා කොළඹ පාපන්දු සමාජවලට පරාජයවූ අතර නිගම්බු යූත්, පොලිස් හා කළුතර පාක් ක්‍රීඩා සමාජ පැවැති තරග ජයපරාජයෙන් තොරව නිමාකර ගත්තේය.

සොලිඩ් ක්‍රීඩා සමාජය පෙරේදා කැලණියේදී පැවැති සෝන්ඩර්ස් සමග තරගය 1-0කින් ජය ලබාගැනීමත් සමග ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව උදාකර ගත්තේය. මෙවර ශූරතාවලියේ අනුශූරතාව දිනාගැනීමේ වැඩි අවස්ථා උදාකරගෙන සිටින කොළඹ ක්‍රීඩා සමාජය පෙරේදා පැවැති ගුවන් හමුදා සමග තරගය 2-0කින් පරාජයට පත්ව ලකුණු 39 රැදී සිටී.

එහෙත් ඉදිරියේ පැවැත්වීමට නියමිත කුරුණෑගල පෙලිකන්ස් හා ක්‍රිස්ටල් පැලස් සමග තරග දෙක ජයගතහොත් ඔවුන්ට දෙවැනි තැන දිනාගැනීම අපහසු නොවනු ඇත. මෙවර තරගාවලියේ අවසන් තරග කිහිපයට එළැඹෙද්දී නාවික හමුදාව ගෝල් 2-0කින් රිනවුන් පිල පරාජය කළ අතර කළුතර පාක් හා ක්‍රිස්ටල් පැලස් අතර තරගය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව දිනාගත් අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජයේ නායකත්වය හිටපු ජාතික පාපන්දු නායක සුරන්ද බණ්ඩාරට පැවැරී ඇති අතර නයිජීරියානු ජාතික පාපන්දු ක්‍රීඩකයන් වන ඩැනියෙල් (ඉදිරිපෙළ) ඕ.ෂෝලා (මැද පෙළ) හා අයසරෝ හාෆීස් (ආරක්ෂක පෙළ) කණ්ඩායමේ සමබරතාව ආරක්ෂා කරති.

එමෙන්ම යාපනයෙන් බිහිවූ ඉදිරිපෙළ ක්‍රීඩක එස්.ඥානරූබන් ද සොලිඩ් ක්‍රීඩා සමාජයේ විශිෂඨයෙකි. වසර 2005දී අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජය ආරම්භවූ අතර 2011දී ශ්‍රී ලංකාවේ දෙවැනි පෙළ ශූරතාව දිනාගත් සොලිඩ් පිල එම වසරේදී පළමු වරට ප්‍රධානතම පාපන්දු ශූරතාවලියට පිවිස 3වැනි ස්ථානය දක්වා පැමිණිම නිසා සොලිඩ් ක්‍රීඩා සමාජය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.

සොලිඩ් ක්‍රීඩා සමාජය පාපන්දු ක්‍රීඩාවට පිවිසීමට පෙර ප්‍රබල සැහැල්ලු පන්දු ක්‍රීඩා සමාජයක්ද විය. සොලිඩ් පිල වරෙක ජාතික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවද දිනා ගත්තේය. වසර 10ක් තුළ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රබල නමක් සටහන් කිරීමට සොලිඩ් ක්‍රීඩා සමාජයේ සභාපති කාවින්ද දිසානායක (ඇමැති දුමින්ද දිසානායකගේ පෞද්ගලික ලේකම්) හා ලේකම් සාගර පියතිලක (අනුරාධපුර නිව් සිටි ඉන්ධන පිරවුම්හලේ අධිපති) යන මහත්වරුන්ගේ කැපවීම හා ධෛර්යය මහත් පිටුබලයක් බව ක්‍රීඩකයෝ පවසති.

මූලාශ්‍රය-දිවයින

Last modified on Saturday, 24 January 2015 08:51

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us