දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් අනුගමනය කරන්නේ ද යන්න සොයාබැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කර මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

 ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නියම කළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමට රජය තීන්දු කර ඇති බව වාර්ථාවේ.

1929 අප්‍රේල් මස 7 වනදා උපත ලද මහා කවියෙක් අපට සිටියේය. ඒ අන් කිසිවෙක් නොව මහහම සේකරයන්ය. සේකර යුගය පසු කොට නා නා විධි යුග පසු කරමින් අප පැමිණියත් සේකර මහා කවියෙක් යැයි අපි අදත් සිත් පුරා කියමු . එදත් අදත් ලංකාවේ බිහි වූ කවියන් අතරින් සේකරයන් අපට විශේෂ වන්නේ සේකරගේ පොත්වල ඒ පිටු අතර අප ජීවමාන චරිත නිසාය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්ථාව පිටු ලක්ෂයකට ආසන්න වනු ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 10 කට ආසන්න මුදලක් වැය වෙනු ඇති බත් වාර්තාවේ. මෙම වර්තාව ජනවාරි 31 වැනි දින ජනාධිපතිවරයාට බාර දීමට නියමිතය.

පසුගියදා ටී එන් එල් රූපවාහිනි සේවාවේ දේශපාලන සාකච්ඡාවකට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තමන් තුල තිබෙන කාලකණ්නි මජර පාහරකම යළි යළිත් ඔප්පු කිරීමට සමත්ව තිබිණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරන ' ගම සමඟ පිළිසඳර' වැඩ සටහන ගැන ජවිපෙ 'සාරගර්භ' දේශපාලන විග්‍රහය ඉදිරිපත් කිරීම තුලය.

 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ බලය සහ ආදායම් බෙදී යෑම සම්බන්ධයෙන් ඉන්දියාව වැඩි කොටස් අත්පත් කරගත්තේ කෙසේද ඒහා සමානවම කොළඹ වරායේ නැගෙනහිර ජැටියද අත්පත් කරගැනීම විය හැකි බවත් සමාජ මාධ්‍ය හී ජාත්‍යන්තර පුවත් විශ්ලේෂකයකු වන ජොසප් ඩයස් මහතා පවසා සිටී. පහත දැක්වෙනන් ඔහු ෆේස්බුක් හී පළ කළ සටහනයි.

පසුගිය යහපාලන යුගයේ දී පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන ප්‍රධානින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දූෂණ වංචා අපරාධ චෝදනා නඟා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වූයේ කොහොමද ? නීතිය ක්‍රියාත්මක වූයේ කොහොමද ? අධිකරණයට බලපෑම් එල්ල වූයේ කොහොමද? යන්න ගැන අතිශය පැහැදිලි කතාවක් දැන් අප හමුවේ තිබේ.

සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ සිට පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් මාර්තු මාසය වනවිට ලබා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

Connet With Us