කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (28) දින වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරනවා.

උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය 2020 වසරේ ලොව හොඳම භූගත ව්‍යාපෘති හතර අතරට තේරී පත්ව තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කර තිබූ ජනාධිපති කොමිසන් සභාවේ වැඩ කටයුතු ඊයේ දිනයේදී අවසන් කරනු ලැබුවේය. ඒ අනුව එළැඹෙන ජනවාරි 31 වන දින එහි වාර්ථාව ජනාධිපතිවරයා වෙත ලැබීමට නියමිතය.

ඕස්ට්‍රලියාවේ පදනම් කරගත් ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන ලොවී ඉන්ස්ටිටියුට් (lowy institute) නම් ආයතනය මගින්, කොරෝනා වසංගතය මර්දනයේ දී ඉහළම සාර්ථකත්වයක් පෙන්නුම් කළ දස වෙනි රට ලෙස ශ්‍රීලංකාව නම් කර තිබේ.

වතු හාම්පුතුන් හා වතු වෘත්තීය සමිති අදාළ කොන්දේසිවලට එකඟ වී සමූහික ගිවිසුමකට පැමිණීම සඳහා තවමත් කාලය තිබෙන බවත්, එය දීර්ඝ කාල­යක් නොවිය හැකි බවත් දෙපාර්ශ්වයටම එකඟත්වයකට පැමිණීමට නොහැකි වුණොත් වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ වැටුප් වැඩිවීම පඩිපාලක සභා මඟින් ක්‍රියාත්මක කෙරෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කළේය.

ඉහළම ලකුණු ලබා ගත් සිසුන්ට අවස්ථාව දීම සඳහා වෛද්‍ය, දන්ත වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, කළමනාකරණ හා තාක්ෂණ යන පීඨ සඳහා තවත් සිසුන් අටසියයක් පමණ වැඩි කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

බස්නා­හිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) සිට 'කොවිඩ් මර්දන එන්නත' එන්න­ත්ක­ර­ණය කිරී­මට සැල­සුම් කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් 19 ආසාදිතයින්ගේ ප්‍රතිදේහ වර්ධනය වී ඇත්නම් නිරෝධායනයෙන් මුදාහල හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සදහන් කරනවා.

එම මාර්ගෝපදේශ මාලාවට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ප්‍රගතියක් ඇත්නම් පී.සී.ආර් පරීක්ෂණයේ සිට 10 වැනි දිනයේදී ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටවිය හැකි බවත් එවැනි සුව වන ආසාදිතයින් තව දින 04 ක් නිවසේ රැඳී සිටිය යුතු බවත් සදහන්.

වැඩිහිටි නිවාස, හෝටල් හා බන්ධනාගාරගතව සිටින ආසාදිතයින්ට 10 වැනි දිනයෙන් පසු ගෙවෙන දින 04 ප්‍රතිකාර මධ්‍යස්ථානයේම රැඳී සිටීමට සිදු වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

-පංචාලි අබේසේකර

යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් 22 කට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට යහපාලන සමයේ වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසම නිර්දේශ කර තිබීම ගැන සියල්ලටම පෙර ජනතා විමුක්ති පෙරමූණ තමන්ගේ විරෝධය පළකර ඇත.

චම්පික රණවකගේ 2024 ජනාධිපති සිහිනය වෙනුවෙන් පසුගියදා අටවා ගන්න ලද 43 වෙනි සේනාංකය සමඟ සිටි පිරිස් රැසක් එම සේනාංකය හැර යෑමට පටන්ගෙන තිබේ. මීට හේතුව වී ඇත්තේ 2024 ජනාධිපති අපේක්ෂකයාවීම වෙනුවෙන් තමන් සාමාජිකයකුව සිටි සියලු පක්ෂ හා කණ්ඩායම් වෙතින් ඉවත්ව තනි ගමනක් යන බව කියමින් මහා සංදර්ශනයක් කිරීමට සිටි චම්පික අවසානයේදී ඒ සියල්ල හැරදා යළි සජිත් ප්‍රේමදාසගේ දෙපතුල ළඟ ඇද වැටීමට ගත් තීන්දුව නිසාය.

Connet With Us