නැගෙනහිර පර්යන්තයට මොකද වන්නේ ...
වරායේ වෘත්තීය සමිති රජයට බලකරමින් සිටින්නේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවට හෝ වෙනත් බාහිර පාර්ශ්වයකට නොදිය යුතු බවත් දිගින් දිගටම එය රජය යටතේ වරාය අධිකාරිය මගින් පාලනය විය යුතු බවයි..
මෙහිදී මේ රජය දැන් පවසන්නේ මෙය විකිණීමක් හෝ පුද්ගලික අංශයට නොදෙන බවත් එය ඉන්දීය සමාගමකට 49% ආයෝජනය කිරීම සදහා ලබා දෙන බවයි .. රජයේ පාර්ශ්වයෙන් මුහුණ දී තිබෙන තත්වය මත එම තීරණය ප්‍රකාශ කිරීම නිවැරදි විය හැක ... එහෙත් ගැටලුව වී ඇත්තේ රජය බලය පත් වීමට ප්‍රථම වරායේ සේවකයින්ට ලබා දී තිබු බලාපොරොත්තුවයි ..
එනම්, මෙම ගැටලුව අරභයා පසුගිය යහපාලන රජය අනුගමනය කල ක්‍රියා පිළිවෙත වැරදි බවත් තමන් බලයට පැමිණි පසු නැගෙනහිර පර්යන්තය නොකඩවා වරායේ අධිකාරියට යටත්ව පවත්වා ගෙන යන බවත් බවත් එලෙසෙම ඉන් ඔබ්බට ගොස් ප්‍රකාශ කලේ ඉකුත් රජය පවරා දුන් හම්බන්තොට වරාය පවා චීනය සමග සාකච්ජා කර පවරා ගන්නා බවයි..
විපක්ෂයේ සිටියදී වත්මන් පාලකයින් ප්‍රයෝගික බව වටහා ගැනීමෙන් තොරව හුදෙක් බලය ලැබීමේ චේතනාවෙන් සේවකයින්ට ඉටු කල නොහැකි බලාපොරොත්තු ලබා දී ඇත ..
ලොව බල තුලනය , එසේම භූගෝලීය පිහිටීම් , ඊටත් අමතරව කොළඹ වරායේ මෙහෙයුම් කටුයුතු වලින් 66% ඉන්දියාව ප්‍රති අපනයන හා සම්බන්ධ වී ඇති පසුබිමකත් විශේෂයෙන් පසුගිය රජයේ ජනපති හා අමාත්‍ය වරයා අත්සන් කර තිබු ගිවිසුම් අනුවත් සියල්ල පෙළ ගැසී ඇත්තේ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ හවුල්කාරිත්වයක් සමග එක්වීමය ..
ජනපතිවරයා ජය ලබා මහ මැතිවරණය කැදවා තිබු පසුබිමක මැතිවරණයට දින කීපයකට පෙර මෙම ගැටලුව අරභයා වරායේ වෘත්තීය සමිති විසින් වරායේ වෘත්තීය ක්‍රියා මාර්ග ඇරඹු අතර පසුව පොදුජන අගමැති මහින්ද රාජපක්ෂ සමග සිදුකල සාකච්ජාවෙන් පසුව ඔවුන්ට ලබා දී තිබු පොරොන්දු වුයේ කිසි ලෙසකින් වත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්ව වලට ලබා නොදෙන බවයි..
දැන් රජය පවසන්නේ විකුනන්නේ වත් බදු දෙන්නේවත් නොමැති බවත් ආයෝජකයින්ට එහි කොටස් 49% ලබා දීමට පමනක් සුදානම් බවයි...
රජයේ පාර්ශ්වයෙන් එය රාජ්‍ය පාලනය , විදේශ සබදතා හා ගෙවීමට තිබෙන ණය පදනම් කරගෙන ගත් තීරණය නිවැරදිය ..
එසේම සේවකයින්ගේ දිගින් දිගටම ඉල්ලීම වන නැගෙනහිර පර්යන්තය වරායේ අධිකාරිය යටතේ තබා ගත යුතු බවට පැවසෙන අතර සේවකයින් හැටියට සිතන විට එයත් සාධාරණය ...
එහෙත් දෙපාර්ශ්වයටම යථාර්තයට මුහුණ දිය යුතුය ...
රජයට අකමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදු වී ඇත්තේ තමන් සේවකයින්ට වැරදි පණිවිඩයක් මෙයට පෙර ලබා දුන් බවත් සේවකයින් පවසන පරිදි වරාය අධිකාරියට යටත්ව නැගෙනහිර පර්යන්තය පාලනය කල නොහැකි බවයි ...
එයට ප්‍රධානතම හේතුව නම්
භූගෝලීය පිහිටීම ------------
අපගේ ආසන්නතම අසල්වැසිය සේම කලාපිය බලවතා ඉන්දියාව වන අතර 2009 -2014 කාලසීමාවේ ඉන්දීය හා චීන ගැටුම් උග්‍රව නොපැවති අතර පැවති ඉන්දීය කොංග්‍රස් රජය චීනය සමග වඩාත් සහයෝගයෙන් කටුයුතු කරන්නට විය ... ඒ අනුව ඒ කාල වකවානුවේ දකුණු ආසියානු කලාපිය රටවල් අරභයා චීන බලපෑම ත්‍රිව් කිරීම එතරම් නොසලකා සිටියත්
එහෙත් ඉන්දියාවේ 2014 භාරතීය ජනතා පක්ෂයේ අගමැති නරේන්ද්‍ර මොදී බලයට පත්වීමත් සමග ඉන්දියාව පුරා ආර්ථික හා දේශපලන ගමන වෙනස් වී ඇත ...එම වෙනස තුලින් ඉන්දියාව තුල එතෙක් ප්‍රබලව පැවති ඉන්දීය කොංග්‍රස්යේ බලය බිද දමමින් මුළු රටෙම් භාරතීය ජනතා පක්ෂය ප්‍රබලව මතු වී ඉන්දියාවේ ජාතික නායකයා ලෙස අගමැති නරේන්ද්‍ර මොදී මතු විය ...
ඔහු ඉන් නොනැවතී ජාත්‍යන්තරව සේම කලාපිය ප්‍රබලත්වය නැවතත් ඉන්දියාවට නතු කර ගැනීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වී ඇත ..
චීනය විසින් ක්‍රමානුකුලව දකණු අසියා කලාපයේ බලය තහවුරු කර ගනිමින් සිටින බවට අගමැති නරේන්ද්‍ර මොදී රජය අවබෝධ කර ගැනීමේ පසුබිමක ඊට ප්‍රතිවිරෝධතා ඉන්දියාව තුලින් සකස් විනි ..
එය රටවල් වශයෙන් ගත් කල පහත දැක්වේ
මාලදිවයින -------
2013 සිට 2018 දක්වා මාලදිවයින පාලකයා වුයේ අබ්දුල්ලා යාමින් වන අතර ඔහු වඩාත් චීන හිතවාදී ලෙස විශාල වශයෙන් චීනයත් සමග සබදතා පවත්වා ගෙන යමින් චීන ආයෝජන මාලදිවයින කරා ගෙන එන්නට විය .. ඉන්දියාව අමතක කොට මාලදිවයින චීනයට විතැන් වූ අතර ජනපති අබ්දුල්ලා යාමින් කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙස ප්‍රබලව සිටි ඔහු 2018 පරාජයට පත් වී ඉන්දීය හිතවාදී ජනපති වරයෙකු වන ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි පත් වූ අතර එත් සමගම නැවතත් ඉන්දියාව හා මාලදිවයිනේ සබදතා මේ වනවිට නැවතත් ස්ථාවර වී ඇත ..
බංගලිදේශය ---------
චීන ණය හා ආධාර ලබා ගනිමින් චීනය විසින් බංගලිදේශයේ සොනාඩිය ගැඹුරු මුහුදේ වරායක් නිර්මාණය කිරීමට 2006 දී සාකච්ජා ඇරඹි අතර අවසානයේ සාකච්ජා වලින් පසුව 2016 බංගලිදේශ අගමැතිනියගේ චීන සංචාරයේදී ඊට අදාලව ගිවිසුම් ගත වීමට චීනය ප්‍රබල ලෙස උත්සහයක් ගත්තත් ඉන්දියාවෙන් දැල්වුණු රතු එලි හමුවේ අවසානයේදී බංගලිදේශ අගමැතිනිය කල් ඉල්ලා සිටි අතර ඉන්දියාවෙන් මිට ප්‍රබලව එල්ල වූ විරෝධතා හමුවේ 2020 සැප්තැම්බර් මස නිල වශයෙන් තමන් චීන ආධාර මත බංගලිදේශයේ සොනාඩිය ගැඹුරු මුහුදේ වරාය ඉදි කිරීම නවතා දැමීමටත් ජපන් ණය හා ආධාර මත මටබරි ප්‍රදේශයේ නව වරායක් ඉදිකිරීමට තීරණය කර ඇත ...
ඉන්දීය හා ජපන් සබදතා හිතකර හෙයින් මටබරි ප්‍රදේශයේ නව වරායක් ඉදිකිරීමට ඉන්දීය විරෝධයක් මතු වී නොමැත ..
ශ්‍රී ලංකාව -----------
ශ්‍රී ලංකාවේ ජනපති වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් පත් වීමත් සමග ඉන්දීය යෝජනා නැවතත් ප්‍රබල ලෙස මතු වෙමින් රජයෙන් නැගෙනහිර පර්යන්තය අරඹයා දැඩි බලපෑම් එල්ල වී ඇත ....
මෙයට පෙර මෙවැනිම තත්වයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලය මෙන්ම මුදල් රටවල් අතර බෙදී යාම අරඹයා ඇති වූ අතර එයට හේතුව වුයේ ICC උපයන ආදයම් වලින් 70% වැඩිය උපයන්නේ ඉන්දියවේ විකාශනය අයිතීන් වලින් වීමයි ..
ක්‍රිකට් ක්‍රීඩාවේ අරම්භාකයින් හා පුරෝගාමීන් වන එංගලන්තය හා ඕස්ට්‍රේලියාවෙන් මෙයට දැඩි විරෝධයක් එල්ල වුවත් ඉන්දියාව තර්ජනය කලේ තමන්ට දැනට ලැබෙන සමාන ආදයම් පංගුව නොව වැඩිම කොටසක් හා වැඩි බලයක් නොලැබෙන්නේ නම් තමන් වෙනම ජාත්‍යන්තර ක්‍රිකට් සංගමයක් පිහිටුවන බවයි...
අවසන් ප්‍රතිඵලය වුයේ ICC ආදයම් බෙදියමේදී වැඩිම පංගුව ඉන්දියාවටත් ඉන්පසුව එංගලන්තයට හා ඔස්ට්‍රේලියාවට හා ඉන්පසු ශ්‍රීලංකාව ඇතුළු තවත් රටවල් කීපයකට සම ලෙසත් කොටසක් ලැබෙන ලෙස ආදයම් බෙදීයාමත් පාලන බලය වැඩි වශයෙන් ඉන්දියාවට හිතවාදී ව්‍යවස්ථාවක් ICC තුල අනුමත වීමයි
ශ්‍රී ලංකාව නැගෙනහිර පර්යන්තය අරඹයා මුහුණ දී ඇත්තේ එවැනිම ගැටලුවකි ..
එනම් කොළඹ වරායේ උපයන අදායම් වලින් 70% උපයන්නේ ඉන්දියාවෙන් හා බංගලිදේශයේ ප්‍රති අපනයන වලිනි ..
එසේම ඉන්දියාව ශ්‍රී ලංකාවට ආසන්න පිහිටුවා තිබීමත් ඉන්දියාව කලාපිය බලවතා වීමත් ඉන්දීය චීන අර්බුදය හමුවේ ඉන්දියාවේ ආරක්ෂව සම්බන්ධව ඔවුන්ගේ අවධානය වඩාත් ගැඹුරින් සලකා බලන පසුබිමක ශ්‍රී ලංකාවට නැගෙනහිර පර්යන්තය අරඹයා ඉන්දියාවේ සහයෝගයෙන් තොරව පැවැත්මක් සිතිය නොහැක ...
මෙය ලොව ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රයෝගිකත්වය වේ
ජෝසප් ඩයස් (Joseph Dias )
JSD Newsline