අනුර සහෝදරයා..තමුසේ ගැන ලැජ්ජා වෙන්න ඕන..! Featured

Saturday, 30 January 2021 13:56

පසුගියදා ටී එන් එල් රූපවාහිනි සේවාවේ දේශපාලන සාකච්ඡාවකට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තමන් තුල තිබෙන කාලකණ්නි මජර පාහරකම යළි යළිත් ඔප්පු කිරීමට සමත්ව තිබිණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරන ' ගම සමඟ පිළිසඳර' වැඩ සටහන ගැන ජවිපෙ 'සාරගර්භ' දේශපාලන විග්‍රහය ඉදිරිපත් කිරීම තුලය.

ගම සමඟ පිළිසඳර වැඩ සටහන යනු ගමේ සංවර්ධනය සම්බන්ධයෙන් රජය දියත් කර තිබෙන ප්‍රධානතම සහ ජනප්‍රියතම වැඩ සටහන් මාලාවය. එය පහත් කොට ගර්භාවට ලක් කොට ඒ හරහා ගමට ලැබිය යුතු ප්‍රතිලාබයන් නැතිභංගස්ථාන කර දැමීමේ පැහැදිලි වුවමනාව අනුර තමන්ගේ මේ කතාවේදී විලි ලැජ්ජාවක් නැතිව ප්‍රකාශයට පත් කළේය. සමාජ වහරකින් කියනවා නම් ඒ පැහැදිලි ඉරිසියාවය. පැහැදිලි කුහකකමය.

අනුර කියන විදිහට මේ වැඩේ විය යුත්තේ මේ ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් කොළඹට කැඳවා 'අරක කරපන්, මේක කරපන්' කියා සැලසුම් ඉදිරිපත්කර ඒ නිලධාරීන්ට නියෝග ලබා දී ජනාධිපතිවරයා අත් දෙක බැඳගෙන සිටින ආකාරයෙනි. එතකොට ගමේ සංවර්ධනය සු‍ටුස් ගාලා සිදුවෙන බව අනුර කියයි. ග්‍රාමීය සංවර්ධනය ගැන මේ වගේ මැටි මෝල් කතාවක් කියන්න මේ විප්ලවවාදියි සමාජවාදීයි කියාගන්නා වාමාංශික පක්ෂයක්ය කියාගන්නා ජවිපෙ නායකයාට කටක් ඇරුණේ කොහොමදැයි ජවිපෙ සෝයි කියන ගොබිලන්ගේවත් ප්‍රශ්න කිරීමකට ලක් නොවීමත් පුදුම සහගතය. පක්ෂ සාමාජික වහලුන්ට නම් මේවා හුරේ දාන කතාය . අනුර සහෝදරයා ගෝඨාට දොඹෙන් යන්න දුන්න කියා එයින්ම හිටගෙන ස්වප්න මෝචනයටද නිසැකවම ලක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව අභිමුව තිබෙන කප්පරක් ප්‍රශ්න ගොන්නක් සමඟ පොර බදමින් රට සංවර්ධනයේ දිශාවට තල්ලු කරමින් යන මේ සාර්ථක ගමන අද ජනතා විමුක්ති පෙරමුණට දරාගැනීමට නොහැකිවීම තේරුම් ගන්න අබ ඇටයක තරම් මොළයක් තිබ්බාම ඇතිය.

ජවිපෙ විරෝධයට පළමු හේතුව මෙම වැඩ සටහන ග්‍රාමීය ජනතාව තුල ජනප්‍රිය වීමය. ජනාධිපතිවරයා තමන්ගේ ගම් පළාතට නිකම් හෝ පැමිණීම යෑම සිදුවෙනවා නම් කියා ගම්මු බලා සිටින තත්වයක් අද ඇතිව තිබේ. මන්ද ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳර වැඩ සටහන තුලින් වසර ගනන්, දශක ගනන් නොවිසඳුනු ගැටලුවලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා ඒ විසැදීමට අදාල බලධාරීන්ට නියෝග ලබාදීම නිසා පමණක් නොවේ. එය එතැනින් නතර නොවී ඒ අනුව වැඩ කටයුතු අවසානය දක්වා සිදුවෙනවාද කියා පසුවිපරමක්ද සිදු කිරීම මෙහිදී සිදුවෙයි.

මේ නිසා ගමේ මිනිසුන් බලාපොරොත්තු වූ පරිදි, ගමේ මිනිසුන්ට ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි කෙස් ගහට තිතට වැඩ ටික සිදුවේ. වෙනදාත් මෙහෙම නායකයෝ ගමට ආ අවස්ථා තිබිණි. එ්වා 'ආවා.. ගියෝ..' සංදර්ශන වූවා මිස වැඩ සිදු වුණේ නැත. එය කාටත් වඩා දන්නේ මේ ගම්වැසියෝය. එහෙත් මෙදා එය වෙනස්ය. කිව්ව වැඩේ පහුවෙනිදාම සිදුව තිබේ. මේ නිසා ගම්මු බලා සිටින්නේ තමන්ගේ ගමට නැති නම් අහල පහළ ගමකට හරි ජනාධිපතිවරයා එන තෙක්ය. මන්ද එක තැනක වැඩ හරියට වෙන විට අහල පහළ තව තැනකත් වැඩ ඉබේම සිදුවන නිසාය.

එයට එක් හේතුවක් නම් වැඩනොකරන නිලධාරියා කවර තරාතිරමක වූවත් ඉවත් කරන්නට ජනාධිපතිවරයා බිය නොවීමය. මොටර් රථවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600 කට වු දෙය රටම දනී. එසේම තමන් විසින්ම රේගු දෙපාර්තමේන්තු ප්‍රධානිය ලෙස පත්කළ හමුදා නිලධාරියා රාජකාරිය හරියට නොකළ බවත් අනෙක් දූෂිත නිලධාරීන් සියලු දෙනාවද ඉවත්කර හෝ රේගුව හදන බව ජනාධිපතිවරයාම කීවෙත් පසුගිය ගම සමඟ පිළිසඳර වැඩ සටහනකදීය.

එය සියලූම රාජ්‍ය නිලධාරීන්ට දුන් පණිවිඩයකි. ඒ පණිවිඩයේ තේරුම් ගැනීමට හැකි රාජ්‍ය නිලධාරීන්ට ඒ අනුව ජනාධිපතිවරයා ආවත් නාවත් තමන්ගේ රාජකාරිය ඉ‍ටු කිරීමට පෙළඹවීම සිදුවෙන එක සාමාන්‍ය තත්වයකි. යකාගේ හැටියට විමානේ හැදෙනවා කියන්නා සේ අවංකව වැඩකරන නායකයකු රාජ්‍යයට සිටින විට රාජ්‍ය නිලධාරියාටත් ඒ අනුවම හැඩ ගැසීමට සිදුවේ. විශේෂයෙන්ම අවංක රාජ්‍ය නිලධාරියාට දූෂිතයන්, වංචාකරුවන්, වැඩ කඩාකප්පල්කරන්නන්, පරයා ධෛර්ය සම්පන්නව කාර්යක්ෂම වැඩ කිරීමට අවශ්‍ය පෙළඹවීම ඇති වීම මෙහි ඇති වඩා වැදගත්ම කාරණයයි.

අනුර කියන විදිහට මේ රටේ ගම් තිස් හතලිස්දාහක් තිබේ. ග්‍රාම සේවක වසම් දා හතර දාහක් තිබේ. ජනාධිපතිවරයාට මේ හැම තැනකටම පය ගසා ගම සංවර්ධනය කිරීමට අවශ්‍ය කාලය ඔහුගේ ජනාධිපතිධුර කාලය තුල ලබාගැනීමට නොහැකි බවත් ඇත්තකි. එහෙත් මේ ගම සමඟ පිළිසඳර යනු මේ මැටි මොල් කුහක අඳබාලයන් සිතන ආකාරයේ සිල්ලර වැඩක් නොවේ.

මෙය තුල තිබෙන නුතන දේශපාලන සංකල්පීය අරුත මේ අ‍ටුවම් බැහැපු මාක්ස්ලාගේ ලෙනින්ලාගේ පරණ පොත් කබලකින් එහාට ලෝකය තේරුම් ගැනීමේ හැකියාවක් නැති හණ මිටි රතු තොප්පිකරයන්ට තේරුම ගත නොහැක. ඒ තේරුම් ගැනීමට තරම් බුද්ධිමය හැකියාවක්ද නැත. අද ලෝකය වෙනස් බව යන්තමින් හරි හෝ තේරුම්ගැනීමට හැකියාවක් තිබුණා නම් සියයට 3 දක්වා පල්ලම් බැසීමට ජවිපෙට සිදුවන්නෙ නැත.

සාමාන්‍යයෙන් ලෝකයේ වාමාංශික ව්‍යාපාර කියන්නේ ඉදිරිගාමි දැක්මක් ඇති සමාජව ඉදිරියට තල්ලු කිරීමට ජවයක් ඇති දේශපාලන ව්‍යාපාරයන්ය. රාජ්‍ය බලය ඇල්ලිම කළ නොහැකි වුණත් සමාජ සංවර්ධනය වෙනුවෙන් පවතින රජයට හෝ බල කරමින් ජනතාව ඊට මෙහෙයවමින් කටයුතු කිරීමට නූතනවාදී වාමංශික ව්‍යාපාරයන් ප්‍රබල දායකත්වය සපයයි. සමාජය යළි ගෝත්‍රික යුගයන් දක්වා ඇදගෙන යෑමට එවැනි සංවිධාන ඉඩ දෙන්නෙ නැත.

එහෙත් අද ජවිපෙ සිදුකරන්නේ රටත් ජනතාවත් යළි ගෝත්‍රික පන්නයේ පාලනයක් දක්වා කොහොම හරි තල්ලුකරගෙන යෑමටය. මන්ද ඔවුන් දන්නවාය කියන දේශපාලනය තිබෙන්නේ මීට සියවස් ගනනකට පෙර යුගයක නිසාය. නුතන දේශපාලන න්‍යායධර්මන් ගැන කිසිදු වැටහීමක් ඔවුන්ට නැත. මේ නොදන්නා දෙයට සමච්චල් කිරීම ගර්භා කිරීම අපහාස කිරීම මිස වෙන බුද්ධිමය සංවාදයක් ඔවුන්ට නැත.

අද ලෝකයේ ආණ්ඩුකරණය කියන්නේ ජනතාව ආණ්ඩුකරණයට වඩ වඩාත් සමීප කරමින් පාලකය හා පාලිතයා අතර මුහුණට මුහුණ කෙරෙන සංවාදයකින් සම්මුතියකින් කෙරෙන අතිශය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකි. ගම සමඟ පිළිසඳර කියන්නේ එහි ශ්‍රී ලාංකේය ආකෘතියයි. රටේ සංවර්ධනය, ගමේ සංවර්ධනය ගැන දැන් තීන්දු ගන්නේ ඒ ආකෘතිය අනුවය. මධ්‍යගත දේශපාලන අධිකාරීවාදයකට, රාජ්‍ය නිලධාරීවාදයට වර්තමාන ශිෂ්ඨ සම්පන ලෝකයෙහි ඉඩක් නැත. රට ගැන තීන්දු ගන්නේ ජනතාවයි.

සැබෑ ලෙසින්ම ජනතාවගේ පරමාධිපත්‍යයික බලයට නියම අරුත ලැබෙන්නෙ ඒ අනුවය. මේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය තවදුරටත් අත්හදා බලමින් තව තවත් දියුණු කරමින් ඉදිරියට යෑම විනා, අනුර කියන ලෙස කොළඹ සිිත සැප කාර්යාලවල ඉඳගෙන රාජ්‍ය පාලනය කිරීමට වත්මන් පාලකයන්ට අවශ්‍ය නැත. කොහොමත් එය රාජපක්ෂවරුන්ගේ විදිය නොවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රටට පහළ වූ වෙනස්ම, නිවැරදිම, අවංකම නායකයකු වන්නේ ඔහුගේ මේ නූතනවාදී ගුණය නිසාය. ඊටත් වඩා වැදගත් දේ හොර බොරු රැවටිලි කිසිවක් නොමැතිව ඔහු වැඩ කරන එකය. 'වැඩ කරන විරුවා' යන්නට ඔහු නියම වටිනාකම ලබාදෙමින් තිබේ.

අනුරලා පමණක් නොව අනෙක් විපක්ෂ කණ්ඩායම්වලටද මේ නූතන නායකයාව දරා ගැනීම අපහසු වන්නේ ඔවුන්ගේ ගොබ්බකම් නිසාම නොව බලයක් ලෙස තවත් ඉතුරුව යමක් ගමේ ඉතුරුව තිබේ නම් ඒවාද ගම සමඟ පිළිසඳරින් ටිකෙන් ටික අහිමි වෙමින් තිබෙන නිසාය.

 

- the novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us