දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ලෝක ගැටලු රටට ගැලපෙන ආකාරයට විසදා ගත හැකි දක්ෂිණාංශික ඇසක්, දක්ෂිණාංශික දැක්මක් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

පාතාල කල්ලි සහ කණ්ඩායම් මර්දනය සඳහා ක්‍රියාමාර්ග රැසක් රජය විසින් පසුගිය මාස කිහිපය තුළ රැගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා තිබෙනවා.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ව්‍යවසායකත්ව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇත.

මහජන නියෝජිතයින් පත් කිරීමකින් තොරව පළාත් සභාවන් නිලධාරී පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බව මහින්ද දේශප්‍රිය පවසයි.

වත්මන් පලස්තීන ඊශ්‍රායල ගැටුම අවසන් වීමෙන් පසු පලස්තීන ජාතික අධිකාරිය එම ප්‍ර‍දේශය භාර ගැනීමට පෙර, ඊජිප්තුව විසින් ගාසා තීරයේ ආරක්ෂාව භාර ගත යුතු බවට ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය ඉදිරිපත් කළ යෝජනාව ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඊශ්‍රායල ටයිම්ස් පුවත්පත ඊයේ(9) පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ ධාරිතා ප්‍රවර්ධන (Capacity Building) හා කලාපීය ඩිජිටල් සංවර්තන (Regional Digital Transformation) ගමන් මඟ ප්‍රසාදයට ලක්ව තිබේ.

සේවා ස්ථානවල සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කරමින් මෙරට සියලුම වෘත්තිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින්, නූතන වැඩ ලෝකයට ගැලපෙන පරිදි ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් නව ක්‍රියාකාරී සැලැස්මක් එළැඹෙන ජනවාරී මාසයේදී එළිදක්වන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය.

පසුගිය යල කන්නයේ වගා කරන ලද අස්වනු නෙලන්නට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් ගංවතුර නිසා විනාශයට ලක්ව වාර්තා වේ.

Connet With Us