කුළුබඩු කර්මාන්තය නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍යයි -ජනපති

Published in පුවත්
Friday, 10 November 2023 08:54

අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් පසුගියදා සදහන් කර ඇත.

ඒ සඳහා නිසි සැලැස්මක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා කුළුබඩු සංගමය වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සුදානම් බවත්, පෞද්ගලික අංශයද එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් ජනපති එහිදී පවසා තිබේ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,

''ලෝකයේ ගුණාත්මකම කුළුබඩු තිබුණේ අපේ රටේයි. නමුත් පසුගිය අවුරුදු 30ක, 40ක කාලයේ දී කුළුබඩු කර්මාන්තය නොසලකා හැරීම හේතුවෙන් කුළුබඩු වලින් අපට ලැබෙන ආදායම අඩුවෙලා තිබෙනවා.

නමුත් දැන් එය වෙනස් විය යුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය තිරසාරභාවය සමඟ අප තරඟකාරී ආර්ථිකයක් සහ අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත් විය යුතුව තිබෙනවා. අපේ ණය ගෙවන්න නම් අපිට වැඩිපුර විදේශ විනිමය උපයා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අපිට ගෙවුම් ශේෂයේ ධනාත්මක තත්ත්වයක් තිබෙන බව තහවුරු කිරීමට සිදු වෙනවා.

එසේනම් ආර්ථික ක්‍රියාකාරකම් වලදී තරගකාරී සහ විදේශ විනිමය ගෙනෙන අපනයන ආර්ථිකයක් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. එහි ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස කුළුබඩු ක්ෂේත්‍රය හඳුනාගත හැකියි.

අතීතයේ දී මෙරට ආර්ථිකය ප්‍රධාන වශයෙන් රැඳී පැවතුනේ කුළුබඩු ක්ෂේත්‍රය මතයි. අප මෙහිදී පුළුල් වෙළෙඳපොළක් දෙස අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා රජය මේ වන විටත් මැදිහත් වී තිබෙනවා. අපි කුරුඳු සංවර්ධනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබෙනවා.

ඒ වගේම ගම්මිරිස් අතීතයේ පටන් ගෙවත්තේ වගා කළ බෝගයක්. එවැනි තවත් බොහෝ කුළුබඩු වර්ග තිබෙනවා. අප මේවා වැඩිදියුණු කිරිමට ඉලක්කගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළයුතුයි.

ඒ වගේම අපේ රටේ ඉතා ගුණාත්මක සහ රසවත් කෝපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපේ රටේ තිබෙන කෝකාවා, හොදම කොකෝවා වර්ගවලින් එකක් බව පිළිගැනෙනවා. මෙම වගාවන් සඳහා අවශ්‍ය ඉඩම් ලබාදිමට රජය සූදානම්. ඒ වගේම තව පෞද්ගලික ඉඩම් තිබෙනවා. මෙම ක්ෂේත්‍රය නඟා සිටුවිමට අපි සියලුදනා එකතුවෙලා කටයුතු කරමු.

එසේම නව තාක්ෂණය සමඟ එක්වෙමින් කෘෂී නවීකරණ වැඩපිළිවෙළ සඳහා ද අප කඩිනමින් යොමු විය යුතුයි. මෙහිදී අපට පෞද්ගලික අංශයේ සහාය අවශ්‍ය වෙනවා.කුළුබඩු ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස කුළුබඩු කවුන්සිලයේ සිටින සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටිනවා. ඊට අවශ්‍ය සහාය ලබාදීමට ඇමතිතුමත් මමත් සුදානම් බව ප්‍රකාශ කිරීමට කැමතියි''

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ,

''කුළුබඩු ක්ෂේත්‍රය නංවාලීම සඳහා වැදගත් පියවර රැසක් ගැනීමට රජයක් ලෙස අපි බලාපොරොත්තු වෙනවා. කුරුඳු වටිනාකම් දාමය වැඩිදියුණු කිරීම වෙනුවෙන් කුරුඳු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා ගත් පියවර ඉතා කාලෝචිත එකක් බව කිවයුතුයි.

කුළුබඩු කර්මාන්තය ඇතුළු රටේ සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රජය පියවර රැසක් ගෙන ඇති බවද මෙහිදී සඳහන් කළයුතුයි''

 

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us