මියගිය සුජිත් බණ්ඩාරට වන්දි !

Published in පුවත්
Friday, 10 November 2023 09:22

ඊශ්‍රායල් - හමාස් යුධ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සුජිත් බණ්ඩාර වෙනුවෙන් තම ආයතනයට ලබාදිය හැකි සියළු වන්දි මුදල් හා දීමනාවන් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එසේම ඊශ්‍රායල් රජය විසින් යුද්ධය හේතුවෙන් මියගිය පුද්ගලයින් වෙත ලබාදීමට කටයුතු කරන සියළු වන්දි මුදල් හා දීමනාවන් සුජිත් මහතා වෙනුවෙන්ද ලබාදීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකිරීමටද කාර්යාංශය මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබේ. 

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ සුජිත් බණ්ඩාර යටවර, සාත්තු සේවකයෙකු වශයෙන් සේවය කිරීම සඳහා 2018 වසරේදී ඊශ්‍රායලය වෙත පිටත්ව ගොස් තිබුණි. මියයන විට සුජිත් 48 වන වියෙහි පසුවිය. 

මියගිය සුජිත් බණ්ඩාර යටවරගේ දේහය අද උදෑසන මෙරටට රැගෙනවිත් තිබුණි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us