ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තන ධාරිතා ප්‍රවර්ධනය ජාත්‍යන්තර  ප්‍රසාදයට

Published in පුවත්
Friday, 10 November 2023 10:37

ශ්‍රී ලංකාවේ ධාරිතා ප්‍රවර්ධන (Capacity Building) හා කලාපීය ඩිජිටල් සංවර්තන (Regional Digital Transformation) ගමන් මඟ ප්‍රසාදයට ලක්ව තිබේ.


එක්සත් ජාතීන්ගේ 2030  තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ ඉලක්ක  සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් දකුණු කොරියාවේ පැවැති 7වෙනි කලාපීය සම්මන්ත්‍රණයේ දී  මෙම ඇගයීම ලැබී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල් රැසක සහභාගිත්වයෙන් දින තුනක් පුරා මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

“ඵලදායී පාලනය හා ඩිජිටල් සංවර්තනය තුළින් 2030 තිරසාර ඉලක්ක වෙත ප්‍රවේශවීම”මෙවර සම්මන්ත්‍රණයේ තේමාව විය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ අතර “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා ඩිජිටල් පාලනය සවිබල ගැන්වීම සහ ඩිජිටල් සංවර්තනය” මැයෙන් මෙහිදී විශේෂ දේශනයක් සිදු කර ඇත.

ශ්‍රී ලංකාව ඉකුත් වසරේ අග භාගයේ සිට ආරම්භ කරන ලද  ඩිජිටල් සංවර්තනය සඳහා සමෝධානික ධාරිතා ප්‍රවර්ධන ප්‍රවේශය සහ  එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී රටක් වශයෙන් ලත් අභියෝග සහ අත්දැකීම් පිළිබඳව ජයවර්ධන  එහි විස්තර කර ඇත.

තවද ගෝලීය හා කලාපීය වශයෙන් ඩිජිටල් සංවර්තනයේ සහ ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ රටක සෑම ප්‍රදේශයකට ම මෙන් ම එහි සියලු ස්තර වෙත ගෙන යෑමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ ඔහු ඒ වෙනුවෙන් මෙරට ක්‍රියාවට නංවා තිබෙන ධාරිතා ප්‍රවර්ධන හා කලාපීය සංවර්ධන  මූලෝපායන් ගැන පැහැදිලි කර ඇත.

මෙම ක්‍රියාදාමයන් සහ භාවිතයන් කලාපයේ සෙසු රටවල් වෙත ගෙන යෑමේ වැදගත්කම පිළිබඳව සඳහන් කළ හෙතෙම ශ්‍රී ලංකාවේ සමෝධානික ධාරිතා ප්‍රවර්ධන වැඩපිළිවෙළ ගැන දැනුවත් කිරීමක් සිදු කල අතර මේ යටතේ රාජ්‍ය අංශය සඳහා ක්‍රියාත්මක කෙරෙන සමෝධානික ධාරිතා ප්‍රවර්ධන ක්‍රියාවලිය, පුරවැසි බලගැන්වීම සහ කලාපීය ඩිජිටල් සංවර්තනය යන කාරණා ගැනමෙහි දී සංවාදයක් ද සිදු කෙරිණි.

සම්මන්ත්‍රණයට එක්ව සිටි එක්සත් ජාතීන්ගේ සහ විවිධ රටවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ එම ධාරිතා ප්‍රවර්ධන හා කලාපීය ඩිජිටල් සංවර්තනය පිළිබඳව සිය ප්‍රසාදය පළ කර ඇත.

ඵලදායී සහ කාර්යක්ෂම මහජන සේවාවන් සැපයීම සඳහා රාජ්‍ය අංශය තුළ ඩිජිටල් සංවර්තනයක් ඇති කිරීම සහ ඊට නවෝත්පාදන යොදා ගැනීම ගැනද මෙවර සම්මන්ත්‍රණයේ විශේෂ අවධානය යොමු විය.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (UN DESA), රාජ්‍ය ආයතන සහ ඩිජිටල් රාජ්‍ය සඳහා වන අංශය (DPIDG),දකුණු කොරියාවේ අභ්‍යන්තර හා ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය (MOIS) යන ආයතනයන්හි සහයෝගයෙන්  මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබේ.

-රන්ජනා 

Last modified on Friday, 10 November 2023 11:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us