ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

නිල්වලා ගඟේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩකටයුතු අවසන් කර තිබේ.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය – 2023” ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී  ඊයේ(11) පස්වරුවේ පැවැත්විණි.

දීපවාලී උත්සවය නිමිත්තෙන් සියලු දමිළ පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අපනයනය කිරීම සඳහා පළතුරු වගා කෙරෙන ගම්මාන පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇගිලි ගැසීම් සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරටට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කිරීමට පියවර ගෙන ඇත.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං  ලබන 14  වැනිදා සිට 17 වැනිදා දක්වා ඇමරිකානු සංචාරයකට එක් ව ද්විපාර්ශ්වික නායක හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව  ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පැවසීය.

Connet With Us