පරිණත ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙමින් ක්‍රිකට් ශක්තිමත් කළ යුතුයි- රවි Featured

Published in පුවත්
Friday, 10 November 2023 18:34
 

රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ නැති කර පරිණත ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙමින් එය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත්, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.

අද වන විට අපේ රට අඳුරු කාල පරිච්ඡේදයකින් ගමන් කරන අවස්ථාවක රටේ ආර්ථිකය කඩා වැටී තිබුණු අවස්ථාවේ ඒකට යම් පුනර්ජීවයක් ලැබිලා යන මොහොතකයි අපි සිටින්නේ, ලබන වර්ෂය මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බවද හිටපු අමාත්‍යවරයා පැවසුවේය. ඔහු මෙම අදහස් පළ කළේ Grand Oriental හෝටලයේ පැවති විශේෂ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා,

මම හිතන්නේ අපේ රට ඉතාමත් අඳුරු කාලයක් තුළින් ගමන් කරන වෙලාවක් ආර්ථිකය කඩාගෙන වැටුනා එකට පුනර්ජීවයක් ලැබිලා තිබෙනවා. අපි කවුරුත් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවට යම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙනවා ඒක යථා තත්ත්වයට පත් කරලා එහි පවතින දූෂණ අක්‍රමිකතා නැති කර පරිණත ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම සඳහා කටයුතු කිරීම හැම දෙනාගෙම ප්‍රාර්ථනාවක්. මේ සඳහා අනිසි ඇඟිලි ගැසීමක් අනවශ්‍යයි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහජ හැකියාව ඉස්මතු වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනි.මෙතන අක්‍රමිකතා වෙලා තියෙනවා නම් එවැනි අය වහාම ඉවත් කළ යුතුයි.ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි.


ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොවේ දූෂණය වංචා වෙන සියලු තැන් පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයි. ක්‍රිකට් ක්‍රීඩාව තුළ වෙනස්කම් ඇතිකළ යුතුයි රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් ඒ වගේම කරන්න ඕනේ ඒකට මම හිතන විදිහට වෘත්තීය පදනමක් ඇති මේ රටට කීර්ති නාමයක් ගෙනාපු ක්‍රීඩකයින් සම්බන්ධ කරගෙන ඔක්කොම එකතුවෙලා වැඩපිළිවෙළක් හදන්න ඕනේ.

ඉදිරියේදී ගෙන ඒමට නියමිත අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිටපු අමාත්‍යවරයා, මං හිතන විදිහට වර්තමාන ජනාධිපති වික්‍රමසිංහ මහතා අපේ රට පැවැති අඳුරු යුගයෙන් යම් තරමකට ඉදිරියට ගෙනත් තිබෙනවා ඒක ලෙහෙසි ගමනක් නෙමෙයි, නමුත් මේ අය වැයත් අමාරු දුශ්කරතාවයෙන් උඩට ගේන්න පුළුවන් නායකත්ව වැඩපිළිවෙළක් එතුමා පෙන්වයි. මේ අවස්ථාවේ අපි සියලු දෙනාම සහ මූහික හැඟීමකින් ඔහුට උදව් කළ යුතුයි. වැටිලා තිබෙන ආර්ථිකය ගොඩ නැගීමට එතුමා කටයුතු කරනවා මේ රට බංකොලොත් භාවයට පත් කළේ එතුමා නෙමෙයිනේ එනිසා මේ ආර්ථික අවපාතයෙන් එලියට එන එක ලේසි කටයුත්තක් නෙමෙයි. මේ අවස්ථාවේ හොඳම දේ තමයි වියදම අඩු කරල ආදායම උපයන්න පුළුවන් නිර්මාණශීලී භාවයක් ඇති කළ යුතුයි. විශේෂයෙන් ම කළ යුත්තේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

මම නැවත කියන්නේ රටේ ආර්ථිකය කඩා වැට්ටුවේ කවුද අපිට ඒ නිසා ජාත්‍යන්තර අරමුදලට යන්න වුණා නමුත් අපි එකෙන් එළියට එන්න ඕනි වගේම ප්‍රායෝගිකව ජාත්‍යන්තර අරමුදල කියන හැමදේකටම නැමෙන්න ඕනි නෑ. අපේ රටේ ක්‍රමවේදයක් හරහා හැමදේම නිකං දෙනවට වඩා ස්වාධීනව මහන්සිවෙලා වැඩ කරලා ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය10% අපරාධ නිසා තමයි සියයට අනුවක් බැටකන්නේ, දැන් අද කම්පැනි ලක්ෂ එකහමාරක් පමණ තියෙනවා රටේ, නමුත් බදු ගෙවන ෆයිල් තියෙන්නේ විසිදාහයි. ඉතින් මේක පුදුම රටක් මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි.

අනිත් එක තමයි මම හැමතිස්සෙම ආදරෙන් කියනවා රජයේ නිලධාරීන්ට වැඩ කරන දක්ෂයින් ඉන්නවා. නමුත් 15%, 20% කට්ටිය මේ රට නොමඟ යවලා තියෙනවා.
හැමෝම දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කරනවා. අද ලංකාවේ ඉන්නේ ඔක්කොම ගත්තොත් දේශපාලකයෝ නව දහක් විතර අපි කියමුකෝ මේ දේශපාලඥයෝ ඔක්කොම එපයි කියලා. එතකොට ලක්ෂ දාහතක රාජ්‍ය නිලධාරීන් මොකද කරන්නේ, මේ හැමදේම කරන්න තියෙන්නෙ ඔවුන් තුළින්. මේ රට අවුරුදු 71 තිස්සෙම එක් එක් කෙනාට ඇඟිල්ල දික් කරලා ප්‍රශ්න මග ඇරලා තියෙන්නෙ. දැන්වත් ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි.

එන වසරේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට මැතිවරණ පැවැත්වීමට නියමිත බවත්, බොහෝ දුරට මැතිවරණ දෙකක් තුනක් පැවැත්වීමට නියමිත බවද ඔහු පැවැසීය.

Last modified on Friday, 10 November 2023 19:29

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us